Home තරු ගොසිප් පුංචි දියණියගේ උපන්දිනය දවසේ නෙහාරා සහ මේනක දියණීය වෙනුවෙන් මුහුණු පොතේ තැබූ...

පුංචි දියණියගේ උපන්දිනය දවසේ නෙහාරා සහ මේනක දියණීය වෙනුවෙන් මුහුණු පොතේ තැබූ ඒ ආදරණිය සටහන..

0
31

නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ලංකාවේ වගේම ලෝකයේ ඉන්න බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් අතිශය ජනප්‍රිය අදරණිය යුවළක්.

ඉතින් මේ ආදරණීයයන් දෙපළගේ මුළු ලෝකයම වෙච්ච ඔවුන්ගේ පුංචි දියණියගේ විශේෂ දවසක් පසුගියදා යෙදී තිබුණා.

දියණියගේ මේ අපූරු උපන් දිනය වෙනුවෙන් නෙහාරා පීරිස් තම නිල මුහුණුපොත හරහා දියණියට සුබ පතමින් තබා තිබූ හදවත් ස්පර්ශ කරන සොඳුරු සටහනක් දකින්න ලැබුණා…
දියණිය වෙනුවෙන් තැබූ ඒ හැඟීම්බර සහ ආදරණීය සටහන

“අපේ පුංචි කුමාරිකාව නෝරිගේ උපන්දිනයට සුබ පැතුම්…

වසර කිහිපයක් පුරාවටම අපේ ජීවිත ආදරයෙන්, සිනහවෙන්, සෙනෙහසින් සහ සුන්දර මතකවලින් පුරවාලූ අපේ පුංචි හිරු කිරණ නුඹයි. අපේ ආදරණීය කුමාරිකාව, අපේ ලෝකය තවත් ලස්සන කරන වටිනාම තෑග්ග නුඹයි.

සැමදා සතුටින් පිරුණු හදවතක්, ලස්සන සිනහවක්, අසීමිත ආත්ම විශ්වාසයක් සහ නුඹේ පුංචි පුංචි සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය ධෛර්යය සමඟින් වැඩෙන්නට ලැබේවා…
නුඹේ මේ ආදරණීය, විනෝදකාමී, සෙනෙහෙබර සහ සුන්දර පුංචි බව කිසිදා නැති කරගන්න එපා.

අම්මා, තාත්තා, මේලි සහ පුංචි මොන්ටි නුඹට වචනවලින් කියා නිම කළ නොහැකි තරම් ආදරය කරනවා.

සුබ උපන්දිනයක් වේවා අපේ ආදරණීය නෝරි…

නුඹේ ජීවිතය සැමදා නුඹ වගේම සුන්දරත්වයෙන් සහ මායාකාරී සතුටින් පිරී ඉතිරීයේවා… දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සැමදා නුඹට ලැබේවා!!
ආදරයෙන්,

අම්මා, තාත්තා, මේලි සහ මොන්ටි”

Previous articleලක්දනවි සමාගම ඩොලර් මිලියන 75ක ඉන්දියාවේ බලාගාර ව්‍යාපෘතියකටත් අත ගසයි..!
Next article“අප්පච්චිගේ අඩුව ලොකුවටම දැනිච්ච පින්තූරයක්…” ජැක්සන් ඇන්තනි කියන්නේ නමක් විතරක් නෙවෙයි… ඒ මේ පවුලේ මෙන්ම මුළු රටේම කලා හදවත් ස්පර්ශ කළ මහා පෞරුෂයක්…
error: Content is protected !!
Verified by MonsterInsights