Home සුව අරණ අංශක 20ක් දකුණු පැත්තට ඇදවුණු කොන්දක් පාරම්පරික වෙදකමෙන් කෙළින් කරවූ විස්කමක්..

අංශක 20ක් දකුණු පැත්තට ඇදවුණු කොන්දක් පාරම්පරික වෙදකමෙන් කෙළින් කරවූ විස්කමක්..

0
51

අද අපි ඔබට ගෙන එන්නේ අපගේ පාරම්පරික වෙදකමේ විස්මයජනක ලෙඩ සුවපත් කිරීමක කතාවක්

ඉතා පුරාණ පාරම්පරික හෙළ වෙදකමේ ඕනෑම තත්ත්වයක අස්ථිවල හට ගන්නා අස්ථි රෝග සුව කිරීම විශේෂයි. ඒ සඳහා යොදා ගන්නා දුර්ලභ ඔසු මෙන්ම සත්කාර විධි සියල්ලම අද භාවිතයෙන් ඈත් වී ඒ ගැන නොදන්නා අය බහුල වීම සත්‍යයකි. එහෙත් අත් වෙද පරපුරට අනුව එවන් විස්මයජනක පාරම්පරික වෙද දැනුමින් පිරි ප්‍රතිකාර සත්කාර තවමත් සක්‍රියයි. ඉන් සුවපත් කළ පිරිස් බොහෝමයි.

අපේ ලිපි කියැ වූ බොහෝදෙනා අතර අස්ථි රෝගවලින් පෙළෙන අය වැඩි බවක් පෙනෙනවා. ඔවුන් ලිපිය පළවන පිටුවේම යට වෛද්‍යවරයා නමින් පළකොට තිබෙන දැන්වීමේ සඳහන් දුරකථන අංක ඔස්සේ අප අමතා විමසන තොරතුරු අනුව එය වටහා ගන්න පුළුවන්.

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග රැසකින් පීඩා විඳින රෝගීන් රට පුරාම සිටිය හැකියි. ඒ අය අතර තමන්ට තිබෙන්නේ කුමන රෝගී තත්ත්වයක් දැයි නොදැන විවිධ ප්‍රතිකර්මවලට යොමු වී ඉන් අන්ත අසරණ බවට පත්වූ අයත් සිටින්න පුළුවන්. ඒ නිසා ඔබ නිසි වෛද්‍ය උපදෙස් මත, හරියාකාරව තම රෝගය හැඳිනගෙන ප්‍රතිකාර කළ යුතු වෙනවා. පාරම්පරිකව පැවැත එන හෙළ වෙද රහස්වලට අනුව මේ මිහිපිට සුව කළ නොහැකි දෙයක් නැති තරම්.

විශේෂයෙන්ම කියනවා නම් ශරීරයේ කොඳු ඇට පෙළ ඇදවීමේ තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලබා දුක් විඳින අය සිටිය හැකියි. බලමු මොකක්ද මේ කොඳු ඇට පෙළ ඇදවීම කියන්නේ? අපේ වෙදකමට අනුව එය සරලව වටහා ගනිමු. ඉංග්‍රීසියෙන් නම් මෙම තත්ත්වයට කියන්නෙ ‘Spondylosis’ කියලයි. එය කොඳු ඇට පෙළෙහි හටගන්නා වූ ‘ඔස්ටියෝ ආතරයිටීස්’ තත්ත්වයක් හෝ වෙනත් ඕනෑම පරිහානි තත්ත්වයක් තමයි එම වදනින් විග්‍රහ වෙන්නෙ. කියැවෙන්නෙ.

අප අනුගමනය කරන වෛද්‍ය ක්‍රමයට අනුව එය හඳුනාගන්න විදිහට අස්ථි පරිහානිය නිසා කොඳු ඇට පුරුක් දෙකක් අතර තිබෙන කොන්වල විකෘතිතාවන් ඇති විය හැකියි. ඒ නිසා කොඳු ඇට අතර පීඩනයක් ඇති වී, ක්‍රමානුකූලව එකී අස්ථි ඇදවීමකට ලක්වෙනවා. මෙය නොදැනීමට සිදුවන දෙයක්. හෙමිහිට සිදුවන ආබාධයන් කිහිපයක්. මුලින්ම කොඳු ඇට පෙළෙහි සංවේදී බව තුරන් වෙන්න ගන්නවා.

පසුව අධික ලෙස කොන්ද රිදෙනවා. ඒ වගේම මාංස පේශීන්වල දුර්වලතාව ඇති වී ශරීරයේ සමබරතාව ගිලිහී යනවා කෙළින් හරිහැටි හිටගන්න බැරිවෙන තරමටම. මෙම රෝගීන් බොහොමයක් දෙනා අපට හමුවන විටත් විවිධ ප්‍රතිකාර ලැබ ඒවා අසාර්ථක වීම නිසා දුකට පත්වූ අය නිසා අපට ලැබෙන්නේ බරපතළ කාරණාමයි.

ඒ නිසා මේ කතාව හොඳින් සිතට ගන්න. අප හමුවට පැමිණි එක්තරා කාන්තාවකගේ කොන්ද අංශක 20ක් විතර දකුණු පසට ඇදවෙලයි තිබුණේ. එයාව අප පරීක්ෂා කරද්දී එයාවත් හිතුවෙ නැතිව ඇති එය සුවවේවි කියලා. පරීක්ෂා කර බලද්දී මෙසේ වීමට තවත් හේතුවක් ඇති බවත් ඇය එය අපට නොකියූ බවත් වැටහුණා.

“මම කුඩා කාලයේ ඉඳලා පැත්තකට ඇලවී ඉඳගන්නට පුරුදු වෙලා හිටියා. ඒක දිගටම කරගෙන ගියා. අත්හැරගන්න බැරි තරමට මම ඒ පැත්තටම හුරු වුණා.”

මේ ඇය කෙටියෙන්ම කියූ කතාවයි. අපගේ වෛද්‍ය ශාස්ත්‍ර දැනුම අනුව එය හරිහැටි වටහා ගත්තා. දිගු කාලයක්ම ඇය මේ විධියට පැත්තට ඇලවී ඉඳගන්න නිසා ඇයට එය ඇති වී තිබුණේ. ඉංග්‍රිසියෙන්ද මේ ගැන කියන ‘ඔස්ටියෝ ආතරයිටීස්’ තත්ත්වයයි මේ. ඉතා වේදනාවෙන් ඇවිද ගන්නටවත් බැරිව සිටි ඇයට මුල පටන්ම අප ප්‍රතිකාර හරිහැටියට නියමිත ලෙස ශරීරයට දෙන්නට පටන් ගත්තා.

කාලයක් පටන් ඇදවූ තත්ත්වය හරිහැටි හැඳිනගෙන සම්බාහනය ලක් කෙරෙන ඔෳෂධීය තෙල් ආලේපය හා සත්කාරයන්, ඒ සඳහා ශරීරය තුළින් ප්‍රතික්‍රියා කරන විශේෂ ඔෳෂධයක් අප සකස් කර බොන්න දුන්නා. අඛණ්ඩව ඇය කෙරෙහි අවධානය යොමු කොට අපගේ නේවාසික වෙද රෝහලේ රඳවාගෙන එක දිගට ප්‍රතිකාර කළා. ඇය දැන් යථා තත්ත්වයට පත්වෙලා. කෙළින් ඇවිදගෙන යන්නේ හෙළ වෙදකමේ ඇති පෞරාණික ඖෂධ ප්‍රතිකාර සත්කාරය නිසයි. එවැනි ඕනෑම රෝගයක් හෙළ ආයුර්වේද ප්‍රතිකාරවලින් සුව කළ හැකියි. කල් ඇතිව දිනයක් වෙන්කරගෙන ඇවිත් ප්‍රතිකාර සඳහා යොමු වීම යහපත්.

Previous article‘සොරයිසීස්’ රෝගය ඉක්මනින්ම සුව කළ හැකි පුරාණ ශාකසාර සත්කාරයක්..
Next articleවකුගඩු අකර්මණ්‍ය වීමට පෙර සිරුර දෙන රතු නිවේදන 5ක්…නොසලකා හැරියොත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වේවි!
error: Content is protected !!
Verified by MonsterInsights