Home දේශිය පුවත් කවුරුත් ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඔහු කොළඹදී අවාසනාවන්ත ලෙස මෙලොවෙන්...

කවුරුත් ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඔහු කොළඹදී අවාසනාවන්ත ලෙස මෙලොවෙන් හැර යයි.. ඒ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න

0
4704
White flag blowing in the wind in front of a clear blue sky

ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රඟපෑම සඳහා සූදානම්ව සිටි පුද්ගලයකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නාන කාමරයක් තුළ හදිසියේ ඇද වැටීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ කළුදෑවල රත්තොට පාර පදිංචිව සිටි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.

ඉන්දියාවේ සුපිරි නළු නිළි දෙපලක් වන සරවනන් සිවකුමාර් සූරියා හා ටයිෂා ක්‍රිෂ්ණන් ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඉන්දියාවේ පාර්ලිමේන්තු මණ්ඩලය නියෝජනය කරන රූගත කිරීමකට සූදානම්ව සිට ඇතැයිද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත

නාන කාමරය වැටී සිටි ඔහු එහි සිටි පිරිස කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 

Previous articleශ්‍රී ලංකාවේ සෙලිබ්‍රෙටි ක්‍රෂ් එක කවුද ? ඇය දුන්නේ කවුරුත් පුදුම කරන පිළිතුරක්… රටක් ආදරේ කරන යොහානිගේ ක්‍රෂ් එක කවුද කියලා දැනගන්න ආසයිද ?
Next article‘ මේ ළමයි කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රටේ වෙන්න ඕනි. ලබන අවුරුද්දෙ මේක වෙන්න බෑ.’ – ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායකගෙන් ආන්දෝලනාත්මක කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights