Home තරු ගොසිප් ‘ මේ ළමයි කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද...

‘ මේ ළමයි කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රටේ වෙන්න ඕනි. ලබන අවුරුද්දෙ මේක වෙන්න බෑ.’ – ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායකගෙන් ආන්දෝලනාත්මක කතාවක්…

0
2011
සමාජ මාධ්යයේ අතිශය කතාබහට ලක්වන, ප්රකට රූපලාවන්ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.
ඒ, මෙරට සංස්කෘතිකාංග විෂයෙහි යළි මෙවන් දෑ සිදුනොවිය යුතු බව අවධාරණය කරමින්.
”මේවා දිහා බලන් ඉන්න බෑ. ඒ නිසා තමයි කතා කරන්නෙ. අපි දැගන්න ඕනි, මේවා අපේ පැරැන්නො හදලා තියෙන්නෙ නිකන් කට කහනවට නෙවෙයි.
සූර්ය මංගල්යය කියලා එකක්, සිංහල දමිළ අලුත් අවුරුද්දක් කියලා එකක් ලෝකෙ කොහෙවත් නෑ. මේ රටට ආවේණික වූ මංගල්යයක් මේක. මේවයෙ සිරිත් කියලා දේවල් තියෙනවා. විරිත් කියලා දේවල් තියෙනවා අතාරින්න. අතඅරවන්න වෙනවා දැන් අපිට මේක.
මම ලේසියකට කතා කරන්නෙ නැති කෙනෙක්. නමුත් මේවා ඉදිරියට ගෙනියන්න නම් දෙන්න බෑ. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ ප්රසිද්ධ මිනිස්සුන්ව අනුකරණය කරන කොටසක් අදටත් මේ රට ඇතුළෙ ඉන්නවනෙ. ඒ මිනිස්සුන්ගෙ මාර්ගයෙ යන්න හදන මිනිස්සු ගොඩක් මේ රට ඇතුළෙ ඉන්නවා. තරුණ දරුවන්වනෙ මේ විදියට භාවිත කරන්නෙ.
අපේ ළමයි ලොකුයි. එයාලා මේවට අහුවෙන්නෙ නෑ. නමුත් නොදන්න දරුවො, ගම්වල දරුවො මේවට අහුවෙන්න පුළුවන්.
මේවා විනාශ කරන්න දෙන්න බෑ. මම දන්නෙ නෑ සංස්කෘතික අමාත්යංශය හෝ ඒ ඇමතිතුමාට හෝ මේවා පිළිබඳව නීති නැති වෙන්න පුළුවන්. මොකද හෙළයො මේවා දැන්මෙ නීතිවලට යටත්ව නෙවෙයිනෙ ඇත්තටම. මේවා රැකගෙන යා යුතුයි මිනිස්සු විසින්.
මේවට නීති නැති වෙන්න පුළුවන්, නමුත් අපේ හෘද සාක්ෂිය කියලා දෙයක් තියෙනවනෙ.
දැන් මේ ළමයි ටික අර කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා. ඒක හැට්ටෙකුත් නෙවෙයි. මේකෙ අරමුණ මොකක්ද. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රට ඇතුළෙ වෙන්න ඕනි. මම අහන්නෙ, ඔයාලට මොනවද මේ රටේ වෙන්න ඕනි කියන එක. මේක පොදු දේපළක්නෙ. එයාලගෙ පෞද්ගලික උත්සවයක් නම්, මේක අපිට අදාළම නෑ. නමුත් මේක මේ රටේ පොදු දෙයක්.
මුස්ලිම්, හින්දු අය බලන්නකො ඔහොම හැසිරෙනවද කියලා. ඇයි මේ සිංහලයා විතරක් මෙතෙන්ට වැටිලා තියෙන්නෙ. ඇයි සිංහලයා විතරක් මෙතෙන්ට වට්ටන්නෙ.
අපිට යුතුමකක් තියෙනවා. මට පේනවා මේකෙ අනාගතය අති භයංකරයි කියලා. අපි ඇස් වහගෙන ඉන්න ඕනි නෑ. වැඩිහිටියෙක් හැටියට මේක මගේ වගකීමක්. පෞද්ගලික ජීවිත අපිට අදාළ නෑ. හැබැයි පොදු දේපළවලට අත තියන්න එපා.
ලබන අවුරුද්දෙ මේක වෙන්න බෑ. සංස්කෘතික අමාත්යංශයටත් මම දැනුම් දුන්නා. අපි මේ පිළිබඳව කතිකාවතක් ඇති කළ යුතුයි. සමාජය දැනුවත් කළ යුතුයි. අනතුරු අඟවලා තියනවා, ලබන අවුරුද්දෙ මේක කරන්න එපා කියලා…”
උපුටාගැනීම : CLASSIC SUDAA කතාබහක් ඇසුරින්
Previous articleකවුරුත් ආදරේ කල ජනප්‍රිය රංගන ශිල්පියෙක් වූ ඔහු කොළඹදී අවාසනාවන්ත ලෙස මෙලොවෙන් හැර යයි.. ඒ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න
Next articleවිදෙස් කත කෑ මොර දෙන්න පටන් ගත්තා.. තුනී සළු පටකින් නිරුවත වසාගත් විදෙස් කතට අකරතැබ්බයක් කරන්න ළං වුණු ලාංකිකයාට වෙච්ච දේ මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights