Home දේශිය පුවත් විදෙස් කත කෑ මොර දෙන්න පටන් ගත්තා.. තුනී සළු පටකින් නිරුවත වසාගත්...

විදෙස් කත කෑ මොර දෙන්න පටන් ගත්තා.. තුනී සළු පටකින් නිරුවත වසාගත් විදෙස් කතට අකරතැබ්බයක් කරන්න ළං වුණු ලාංකිකයාට වෙච්ච දේ මෙන්න..

0
308

ඒක ඔවුන්ට විශේෂ අවස්ථාවක් වුණා.

නොදන්නා රටක නොදන්නා තැනක ඔවුන්ට මේ අවුරුදු අත්දැකීම විශේෂ වෙන්න ඇති. කොහොම වුණත්, මේ කතාවේ අවසානය හිතන තරම් නම් ලස්සන වුණේ නැහැ. 

සහභාගීවූයේ තනිකරම විදෙස් සංචාරකයන්ය.

මේ අවුරුදු උත්සවයට සහභාගීවූ සුද්දන් සුද්දියන්ගෙන් වැඩි හරියක්ම උඩුකය සහ යටිකය වසාගෙන තිබුණේ ඉතා සියුම් රෙදිවලින් නිෂ්පාදනය කෙරුණු රෙදිවලිනි.

සුද්දන්ගේ උඩු කය නිරාවරණය වී තිබූ අතර, සුද්දියන් උඩුකය වසාගෙන තිබුණේ තනපටයකිනි. යටකය වැසුනේ ඉතා චූටි යට කලිසමකිනි. ඔවුනගේ ශිෂ්ටාචාරයට අනුව ඔවුනට මෙන්ම අපටද එය ප්‍රශ්නයක් නොවුණි.

එළැඹියේ කොට්ට පොරයයි. සුද්දෝ රොත්තක් එයට සහභාගී වුණා. මෙය දුටු සුද්දියන්ටද කොට්ට පොර ගැසීමට බලවත් ආශාවක් ඇති වුණා. ඒ නිසාම සුද්දියෝ දෙදෙනෙක් කොට්ට පොර ගැසීමට පුවක් ගස් දෙබලයට නැග්ගා.

කොට්ට පොරය යන අතරතුර ඔවුන් බිමට වැටීම වළක්වාලීම සඳහා හයිය හත්තිය තියෙන තරුණයන් තුන් හතර දෙනකු සංවිධායක මණ්ඩලය සෙව්වා. තරගය නරඹමින් සිටි ඔහුට ද ඒ සඳහා ආරාධනයක් ලැබුණා.

ඔහුද ඒ සඳහා ගියේ එක පයින්ය. කැමැත්තෙනි. හේතුව සුද්දියන්ගේ කොට්ට පොරයක් බැවිනි. බිම වැටෙන සුද්දියක් බදා අල්ලා ගැනීමට මේ වගේ අවස්ථාවක් මින් මතු සිය ජීවිතයේ කවදාවත්ම නොඑන්නට නුපුළුවන්වීම ද ඔහුට හේතුවක් වුණා.

වියතකින් හෙළුව වසාගත් ඉතා කෙටි යට කලිසමකින් සැරසී සිටි මේ සුද්දියන් දැන් කොට්ට පොරයේය. සුද්දන් මෙන් ඔවුහුද එකිනෙකාට පහර දෙමින් සිටිනවා.

අනෙකා මුහුණට එල්ල කළ කොට්ට පහරින් කොට්ට පොරයේ යෙදී සිටි අනෙක් සුද්දිය දැන් බිමට පත බෑවීමට සූදානම් බැවිනි.

මේ සමගම ඔහු බිම වැටීමට ඔන්න මෙන්න සුද්දිය බදා අල්ලා ගත්තා. ඔහුගේ වාසනාවකට හෝ අවාසනාවකට සුද්දියගේ අල්ලන්නට සිදුවූයේ පස්ස පැත්තෙනි.

මේ සමගම තරගය නරඹමින් සිටි දෙනෝදාහක් මැද අර සුද්දිය කෑමොර දුන්නා. ඒ ඔහු අවසරයකින් තොරව තමාගේ පස්සා පැත්ත තදින් මිරිකූ බව පවසමිනි.

මෙහි සත්‍ය හෝ අසත්‍ය බව දන්නේ ඔවුන් දෙදෙනා වුවත් සුද්දිය මේ සඳහා ලොකු ගේමක් ඉල්ලු‍වා. ඔහු මෙතනින් ඉවත් නොකළ හොත් තමා කාන්තාවකගේ හිරි ඔතප් බින්ඳා යයි පවසමින් පොලිසියට පැමිණිලි කරන බවද සුද්දිය සංවිධායක මණ්ඩලයට කීවා.

ඔහු එසේ නොකළ බව පවසමින් නිර්දෝෂී වීමට දැඟලු‍වත් අකමැත්තෙන් වුවද සුද්දියගේ පැමිණිල්ලේ බලවත් බව පැහැදිලි කරදෙමින් සංවිධායක මණ්ඩලය ඔහු එතනින් ඉවත් කළා.

ඔහුට එතනින් ඉවත්වීමට සිදුවූවේ නරඹන්නන්ගේ හූ හඬ මධ්‍යයේය. මෙය නිවසට මෙන්ම ගම පුරා ආරංචි වුවහොත් තමන්ට විසුමක් නොවන බව දත් හේ ලජ්ජා විළිබියෙන් ගැහි ගැහී සිටියා.

Previous article‘ මේ ළමයි කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රටේ වෙන්න ඕනි. ලබන අවුරුද්දෙ මේක වෙන්න බෑ.’ – ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායකගෙන් ආන්දෝලනාත්මක කතාවක්…
error: Content is protected !!
Verified by MonsterInsights