Home තරු ගොසිප් සිංහල බෑ වගේ කතා කරන අයට, අනර්කලී රිදෙන්නම කිව්ව කතාව !

සිංහල බෑ වගේ කතා කරන අයට, අනර්කලී රිදෙන්නම කිව්ව කතාව !

0
3

”ගොඩක් අය කියනවා මම තමයි සිංග්ලිෂ් කතා කරන ට්‍රෙන්ඩ් එක ලංකාවට ගෙනාවෙ කියලා. මම එහෙම කතා කළේ ඉස්සර ජාත්‍යන්තර පාසලකට ගිය හින්දා. ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි භාෂාවෙන්. දන්නෙම නැතුව ගොඩක් අය ඒක ස්ටයිල් එකක් විදියට පිළිගත්තට, මම ඇත්තටම එහෙම කතා කළේ ඉංග්‍රීසියෙන් හිතපු නිසා. ඒ සිංහල වචන හොයන්න ගියාම ගොඩක් වෙලා යන නිසා, මම ඉක්මනට ඉංග්‍රීසි වචන යොදාගත්තා.

අද මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. සිංහල ඔබේ මව් භාෂාව නම්, සිංහල කතා කරන විලාශය වෙනස් කරන්න එපා. අපේ සංස්කෘතිය, සිංහලකම තියෙන්නෙ ඔබේ අතේ. ඔබ තමයි නව පරපුර. ආදර්ශයක් වෙන්න ඊළඟ පරපුරට. මම කැමතියි අලුත් ස්ටයිල් එකක් පටන් ගන්න, ඔබට සිංහල කතා කරන්න පුළුවන් නම්, සිංහල කතා කරන්න බැරි විදියට කතා කරන්න එපා. ඒක ඇත්තටම ස්ටයිල් එකක් නෙවෙයි. සිංහලකම , ශ්‍රී ලාංකිකකම නැති කරගන්න එපා. පුළුවන් තරම් හොඳට වචන උච්චාරණය කරලා සිංහල කතා කරන්න උත්සාහ කරන්න…”

– ජනප්‍රිය රංගන ශිල්පිනි, අනර්කලී ආකර්ෂා

#ChannelE #entertainment #lka

 

 

Previous articleඉස්සරහට ඇවිත් තියෙන බඩ ඉක්මනින්ම අඩු කරගන්න මෙන්න නියම ක්‍රම ටිකක්..
Next articleසිංහල බෑ වගේ කතා කරන අයට, අනර්කලී රිදෙන්නම කිව්ව කතාව !
error: Content is protected !!
Verified by MonsterInsights