Home සයුරෙන් එහා පුවත් ලෝකයම භීති.යට පත් කරමින් තවත් වෛ.රසයක්.. හන්ටා වෛ.රසයෙන් දිවි අහිමි වූ ගණන...

ලෝකයම භීති.යට පත් කරමින් තවත් වෛ.රසයක්.. හන්ටා වෛ.රසයෙන් දිවි අහිමි වූ ගණන ඉහලට.. ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

0
356

ලෝකයම භීතියට පත් කරමින් සුඛෝපභෝගී සංචාරක නෞකාවක මාරාන්තික ‘හන්ටා’ වෛරසය (Hantavirus) ව්‍යාප්ත වී ඇති බවට සැක කෙරෙන පුවතක් අත්ලාන්තික් සාගරයෙන් වාර්තා වනවා.

ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් බලා යාත්‍රා කරමින් තිබූ MV Hondius නෞකාව තුළ සිදුවූ මෙම මරණ සහ ආසාදනය වීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මියගිය පිරිස අතර නෙදර්ලන්ත ජාතික යුවළක් සිටිනවා. 70 හැවිරිදි සැමියා ශාන්ත හෙලේනා දූපතට රැගෙන එන විටත් මියගොස් සිටි අතර, ඔහුගේ 69 හැවිරිදි බිරිඳ ජොහැන්නස්බර්ග් රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොව හැර ගොස් තිබෙනවා. මියගිය තෙවැනි පුද්ගලයාද නෙදර්ලන්ත ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.

මීට අමතරව 69 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

සාමාන්‍යයෙන් මීයන් වැනි සතුන්ගේ මළපහ, කෙළ හෝ මුත්‍රා මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය දැඩි ශ්වසන අපහසුතා ඇති කරන රෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිරීම ඉතා දුර්ලභ වුවත්, ආසාදිතයෙකු බවට තහවුරු වූ එක් අයෙකු සහ සැක සහිත තවත් පස්දෙනෙකු නෞකාව තුළ සිටින බවයි වාර්තා වන්නේ.

මගීන් 150කට අධික පිරිසක් සිටින මෙම නෞකාව මේ වන විට කේප් වර්ඩ් හි ප්‍රියා අගනුවර ආසන්නයේ නැංගුරම් ලා තිබෙනවා. නෞකාවේ සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට ප්‍රතිකාර සඳහා ගොඩබිමට ඒමට එරෙහිව එරට බලධාරීන් තවමත් දැඩි පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Previous articleවකුගඩු අකර්මණ්‍ය වීමට පෙර සිරුර දෙන රතු නිවේදන 5ක්…නොසලකා හැරියොත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වේවි!
Next articleඉමාෂා මියගියේ අකුණෙන් නෙවෙයි… ඇයගේ අකල් වියොව ගැන ඇසෙන ආන්දෝලනාත්මක හෙලිදරව්ව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights