Home සයුරෙන් එහා පුවත් බුදුන් උපන් ලුම්බිණියට යන්න බැතිමතුන්ට බැරිද..? අලුත්ම තත්ත්වය මෙන්න.!

බුදුන් උපන් ලුම්බිණියට යන්න බැතිමතුන්ට බැරිද..? අලුත්ම තත්ත්වය මෙන්න.!

0
114

 

නේපාලයේ තරුණ ප්‍රජාව තම රජයේ පාලනයට එරෙහිව කළ අරගලය දින කීපයක් තිස්සේ ක්‍රියාකාරීව පැවතුණා. මෙම ගැටුම් නිසා අහිම් වූ ජීවිත ප්‍රමාණය තිස් හයක්. එමෙන්ම විශාල ප්‍රමාණයකට තුවාල සිදු වූ බවත් අනාවරණය වුණා.

කෙසේ හෝ ගැටුම් කාරී තත්ත්වය නිසා නේපාලයේ සාමාන්‍ය ජන ජීවිතය අවුලෙන් අවුලට පත් වූ ආකාරය අපි දුටුවා. එහිදී බුදුන් උපන් ලුම්බිණිය වදින්න යන අපේ බැතිමතුන් පවා හැරී ආවා. ඒ් දේශ සීමා බාධාවන් නිසා.

දැන් තත්ත්වය කොහොමද..? අපි මේ පිළිබදව නේපාලයේ ලුම්බිණි මහා බෝධි සමාගමේ මහාමායා විශ්ව ශාන්ති විහාරාධිපති, බද්දේගම නන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියා.

“ පසුගිය දිනවල නේපාලයේ ඇති වී තිබුණේ උණුසුම් වට පිටාවක්. දැන් ඒ් තත්ත්වය තරමක් වෙනස්. මේ වෙද්දි අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස හිටපු අග්‍ර විනිශ්චකාර සුසිලා කාර්කී (Sushila Karki) පත් වී සිටිනවා. එතුමිය පත්වන්නට පෙර දින කීපයක් රට පාලනය කළේ හමුදාව.
ඊට පස්සේ හමුදා නායකයන් රටේ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන නායකයෝ සමග සාකච්චා කරල මේ හිටපු අග්‍ර විනිශ්චකාරතුමියව අන්තර්වාර රජයේ තාවකාලික අගමැතිනිය විදියට තෝරා ගත්තා. ඒ් අනුව මාස හයක් වැනි කෙටි කාලයකදී මැතිවරණයක් පවත්වල, නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගන්න තමයි දැන් ඔවුන් සාකච්ඡා කරන්නේ.

මේ වෙද්දි මේ රටේ තත්ත්වය දැන් සාමාන්‍ය අතට හැරී තිබෙන නිසා දැන් අවහිරයක් බධාවක් නැතිව අපේ බැතිමතුන්ට ලුම්බිණිය වැද පුදා ගන්න එන්න පුළුවන්. පසුගිය දිනවල ඉන්දියාව හා නේපාල දේශ සීමාවේදී ඇතිවුණ ආගමන විගමන ප්‍රශ්න නිසා ලුමිබිණිය වදින්න එන්න බැරි විදිහෙ ප්‍රශ්න ඇති වුණා. ඊට අවශ්‍ය වාහන බලපත්‍ර පවා ගන්න බැරි වුණා.

දැන් එවැනි තත්ත්යක් නැහැ. මේ වෙද්දි ඉන්දියාවේ සිට නේපාලයට එන බඩු ලොරි පවා එනවා. ඒ් නිසා වන්දනාවේ එන බැතිමතුන් දැන් එන්න. මම ලංකාවේ සියලුම දෙනාට ඒ් කාරණය මතක් කරනවා. පූජ්‍ය බද්දේගම නන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.

ලුම්බිණිය පිහිටා තිබෙන්නේ නේපාලයේ රූපන්දේහි දිස්ත්‍රික්කයේ. (Rupandehi Districk) මේ ප්‍රදේශය තුළින් පහුගිය කලබලකාරී කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නැහැ. ඒ් සම්බන්ධවද උන් වහන්සේ කතා කළේ මෙහෙමය.

“ මේ ප්‍රදේශය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වුණේ නැහැ. ඒ් නිසා ඇදිරි නීතිය පැන වුණෙත් නැහැ. රටේ ඇතැම් ප්‍රදේශ කීපයකට පමණක් තවමත් වරින් වර පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙහාට මුකුත් නැහැ. ඒ් නිසා වන්දනාවේ එන බැතිමතුන්ට දැන් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ.

Previous article“උසස්විම් ලබපු මගේ ආදරණීය මහත්තයාට මගෙත් දුවගෙනුත් සුබ පැතුම්…” – නෙතූ එක්කළ ආදරණීය සටහන… – Photos
Next article“අපි හරි ආදරෙයි මහින්ද මහත්තයට” ගල්ගමුවේ සිට යතුරුපැදියෙන් මහින්ද බලන්න තංගල්ලට ආ යුවල කියන කතාව – video
error: Content is protected !!
Verified by MonsterInsights