Home Uncategorized මේ වගේ නිර්මාණයක් ගැන ඔබ නිකමටවත් අසා තිබුණාද..? සහකරුගේ ඇඟිලි සලකුණට පමණක්...

මේ වගේ නිර්මාණයක් ගැන ඔබ නිකමටවත් අසා තිබුණාද..? සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් අවනත තනපටයක්..

0
103

 

සමහර කතා අහනකොට ඇත්තටම ඒවා නුපුරුදුයි වගේ හිතුනාට ඇත්තටම මෙය තාක්ෂණයේ සිදුවුණු දියුණුව නිසා ඇසෙන කතාවක් කියලත් කියන්න පුළුවන්.

කාන්තාවන් තමන්ගේ ශරීරයේ වැඩය වෙනුවෙන් භාවිත කරන තනපට නැත්නම් අපි කවුරුත් සාමාන්‍ය ව්‍යහාරයේ කියන බ්‍රා එකක් ගැනයි මේ කියන්න යන්නේ. දන්නවාද මේ බ්‍රා එකේ තියන විශේෂත්වය මොකක්ද කියලා.

2024 වසරේ සිට පියවරෙන් පියවර නිර්මාණය වුණු මෙය ZAWAWORKS හෙවත් යූකි අයිසාවා නම් සිසුවෙකු විසින් නිමවූවක්. මෙහි ඇති විශේෂත්වය නම් එය අඳින තැනැත්තියගේ සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් ගැලවිය හැකි මූලාකෘති තනපටයක් නිර්මාණය කිරීමයි. මෙය ලොව පුර වෙබ් අඩවි ගණනාවක වඩාත් කතා බහට ලක් වූ පුවතක් ලෙස අද වෙනකොට කාගේත් අවදානය දිනාගෙන තිබුණා.

තම සහකරුගේ ඇඟිලි සලකුණකට පමනක් අවනත වන මේ බ්‍රා එකේ කුඩා ඇඟිලි සලකුණු සංවේදකයක් අඩංගු වන අතර, සහකරුගේ ඇඟිලි සලකුණ ලියාපදිංචි කළ පසු, වෙනත් කිසිවෙකුට එය ගැලවිය නොහැකි ලෙසයි නිර්මාණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඇතැම් විදෙස්මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම තනපටය කිසි විටෙකත් වාණිජ නිෂ්පාදනයක් ලෙස අදහස් කර නැති බවයි. මෙහි අරමුණ වූයේ සබඳතාවල ඇති විශ්වාසය, සමීපත්වය සහ පෞද්ගලිකත්වය වැනි තේමාවන් ගවේෂණය කිරීමත්, ඒ සමඟම තාක්ෂණය මුසු කිරීම පමණක් වන බව මෙම නිර්මාණය ගැන අදහස් දක්වන ඇතැමුන්ගේ මතය වී තිබුණා.

Previous articleරටක්ම ආදරේ කරන ඒ පුංචි පවුල.. බලන්නකෝ මේ පාර නිවාඩුවට කොහෙද ගිහින් තියෙන්නේ කියලා…
Next articleනොනවතින හිසරදයක් ඔයාටත් තියෙනවද ? එහෙමනම් මේ ලිපිය අනිවාර්‍යෙන්ම කියවන්න…
error: Content is protected !!
Verified by MonsterInsights