Home සයුරෙන් එහා පුවත් අසල්වැසියට සල්ලි දීලා බිරිඳව ගැබ්බර කරන්න. 72 වාරක් උත්සාහ කලත් වැඩේ සිද්ධ...

අසල්වැසියට සල්ලි දීලා බිරිඳව ගැබ්බර කරන්න. 72 වාරක් උත්සාහ කලත් වැඩේ සිද්ධ වුනේ නැති නිසා අසල්වැසියට නඩු දලා…

0
887

සාදාරණයි ඉතින් 72 පාරක්නෙ.

මේක ජර්මනියෙන් වාර්තා වුණු හරිම අමුතු සහ හාස්‍යජනක සිද්ධියක්. මේක දැන් සෝෂල් මීඩියාවලත් සෑහෙන්න වයිරල් වෙලා තියෙනවා.
තමන්ට දරුවන් ලැබීමේ හැකියාවක් නැහැ කියලා දොස්තරලා කිව්වට පස්සේ, මේ මනුස්සයා කරලා තියෙන්නේ තමන්ගේ බිරිඳට දරුවෙක් ලබා දෙන්න උදව් කරන්න කියලා අසල්වැසියෙක්ට සල්ලි දීලා කුලියට ගත්ත එකයි.

ඒ අසල්වැසියා මාස හයක් තිස්සේ, සතියට තුන් වතාවක් බැගින්, මුළු වාර 72ක්ම මේ වෙනුවෙන් උත්සාහ කරලා තියෙනවා. හැබැයි කොච්චර උත්සාහ කළත් බිරිඳට දරුවෙක් ලැබුණේ නැහැ. පස්සේ තමයි මේ මනුස්සයා දැනගෙන තියෙන්නේ තමන් කුලියට ගත්තු අසල්වැසියාටත් දරුවන් ලැබීමේ හැකියාවක් නැහැ (sterile) කියලා.

මේ නිසා කෝපයට පත් වුණු සැමියා, තමන් බලාපොරොත්තු වුණු “ප්‍රතිඵලය” ලබා දෙන්න අසල්වැසියා අසමත් වුණා කියලා ඔහුට විරුද්ධව නඩු පවරලා තියෙනවා. හැබැයි අසල්වැසියා උසාවියේදී තමන්ව ආරක්ෂා කරමින් කියලා තියෙන්නේ, “මම පොරොන්දු වුණේ උත්සාහ කරන්න විතරයි, දරුවෙක් ලැබෙනවා කියලා සහතිකයක් දුන්නේ නැහැ” කියලයි.

Previous article“දවසක අරන් යන්නේ කරන පින විතරයි..” – වඳින්න ගිය තලවිල පල්ලියේදී පියුමිගේ හිත උණු වුණු හැටි.. – photos
Next article“හැමදේටම කලින්…. අපි අපිට ආදරය වෙන්න ඕනේ..” කතා ගොඩකින් පස්සේ ඇය අද මේ කියන්නේ මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights