Home සුව අරණ කොලෙස්ටරෝල් අඩු කරන , කෙට්ටු වෙන්න ගෙදරදීම සාදාගත හැකි විශ්මිත පානයක් මෙන්න..

කොලෙස්ටරෝල් අඩු කරන , කෙට්ටු වෙන්න ගෙදරදීම සාදාගත හැකි විශ්මිත පානයක් මෙන්න..

0
3

අපි නිරෝගිව ඉන්න කැමතියි නේද ?

ලෙඩක් නැතුව ඉන්න සොබාවික ආහාර පාන තියෙනවා… මේ කියන්න හදන්නේ ඒ වගේ විශ්මිත පානයක් ගැනයි…
දැන් අපි බලමු කෙට්ටුවෙන්න කැමති අයට අපි එදිනෙදා භාවිතා කරන සුදු ළුණු, ඉගුරු, දෙහි වැනි දෑ උපයොගී කරගෙන මේ පානය හදා ගන්න හැටි… ඒ වගේම හෘදය වස්තුවට රුධිරය සපයන නාල වල ඇතිවන දෝෂ මග හරවා ගැනීමටත් මේ වටිනා පානයෙන් යම් උදව්වක් ලැබෙනවා…

මෙම ඖෂධීය පානය සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

01. ලෙමන් දෙහි ඉස්ම මිලි 250

02. ඉගුරු ග්‍රෑම් 500

03. ලොකු සුදුළුණු ග්‍රෑම් 500

04. ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්ප 01 යි.

05. පිරිසිදු මී පැණි මලි 500

පලමුව සුදුළුණු සහ ඉගුරු පොතු හැර සොදා වතුර බේරෙන්නට හැර පහත රූප සටහනේ පරිදි කුඩා කැබලි වලට කපා ගන්න.

ඉන්පසු තෙත බෙරුනු සුදුළුණු සහ ඉගුරු බලෙන්ඩරයකට දමා හොදින් අඹරාගන්න.

හොදින් අබරාගත් සුදුළුණු සහ ඉගුරු පිරිසිදු රෙදිකඩකින් මිරිකා සුදුළුණු සහ ඉගුරු යුෂ ලබා ගන්න… මෙම යුෂ පිරිසි කොප්ප දෙකක් පමණ අවශ්‍ය වේ.

ඉන් පසු සුදුළුණු සහ ඉගුරු යුෂ භාජනයකට දමා එයට මිරිකාගත් ලෙමන් දෙහි යුෂ පිරිසි කොප්පක් සහ ඇපල් සයිඩර් විනාකිරි පිරිසි කෝප්පයක් එක්කර අඩු ගින්දරෙන් පැය භාගයක් පමණ ර කරන්න, භාජනයට දැමූ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිදිය යුතුයි.

පසුව එම මිශ්‍රණය ලිපෙන් ඉවත්කර නිවෙන්නට හැර එයට පිරිසිදු මී පැණි පිරිසි කෝප්ප තුනක් එක්කර බොතලයකට දමා දිනපතා උදෑසන අහාරයට පෙර එම ඖෂධීය පානයෙන් මේස හැන්දක ප්‍රමාණයක් පානය කරන්න.

සුදුළුණු යුෂ අන්තිමට හදා ගන්න … සුදුලුනු ගොඩාක් වෙලා තිබේබාම බෙහෙත කොලපාට වෙන්න ගන්නවා.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක්

Previous articleනිවසට රැගෙන එන බිත්තර සේදීම ඔබේ ජීවිතයත් අවදානමක දමාවි කියලා නිකමටවත් හිතුවාද..? ඒ ගැන ඇසෙන වෙනස්ම කතාවක් මෙන්න.
Next articleඔයාගෙත් යටිපතුල් දැවිල්ලයිද ? බල බලා ඉන්න නම් එපා , හිතනවාට වඩා භයානකයි ..
error: Content is protected !!
Verified by MonsterInsights