Home තරු ගොසිප් “මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ?” ෂෝ එක...

“මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ?” ෂෝ එක නවත්තද්දී කේ. සුජීවා කියපු කතාව

0
167

අද කාලේ ප්‍රසංග වේදිකාවේ ඉන්න දක්ෂ වගේම හරිම සෘජු ගායිකාවක් තමයි කේ. සුජීවා කියන්නේ.

පසුගිය දවසක පැවැත්වුණු සංගීත ප්‍රසංගයකදී සුජීවා පෙන්වපු අපූර්ව මනුස්සකමක් ගැන දැන් සමාජ මාධ්‍ය පුරා හැමෝම කතා වෙන්න පටන් අරන්.

ප්‍රසංගය හරිම උද්යෝගයෙන් ඉදිරියට ගියත්, රාත්‍රී 12.45 වෙද්දී නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියෙන් දැනුම් දීලා තියෙන්නේ සද්දය පාලනය කරලා ප්‍රසංගය අවසන් කරන්න කියලා. සංවිධායක මණ්ඩලය නීතියට ගරු කරමින් ප්‍රසංගය නතර කරන්න තීරණය කරද්දී, වේදිකාවට ගොඩ වෙන්න සූදානමින් හිටියේ කේ. සුජීවා.

තමන් සින්දු කියන්න ඇවිත් හිටියත්, වෙලාව අවසන් වුණු නිසා ඇයට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙලාවේ හිත හොඳ සංවිධායක මණ්ඩලය ඇයට නියමිත මුදල් ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි එතනදී තමයි සුජීවා හැමෝම පුදුම කරපු වැඩේ කළේ.

“මම සින්දු කිව්වේ නැහැනේ.. සින්දු නොකියා මම කොහොමද සල්ලි ගන්නේ? මට මේ සල්ලි එපා” කියලා ඇය හඬ හඬා ඒ මුදල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

සාමාන්‍යයෙන් කලාකරුවෙක් ප්‍රසංගයකට ආවාම සින්දු කිව්වත් නැතත් නියමිත මුදල ලබා ගන්න එක සිරිතක් වුණත්, සුජීවා එතනදී බැලුවේ තමන්ගේ අවංකකම සහ මනුස්සකම ගැනයි. සංවිධායකයින්ට සිද්ධ වුණු පාඩුව ගැන හිතලා ඇය ගත්තු මේ තීරණය අද කාලේ ඉන්න හැම කලාකරුවෙකුටම ලොකු ආදර්ශයක්.

Previous articleෂම්මි බදාදා ක්‍රිකට් ලොකු පුටුව අත හරී ?
Next articleඔබේ ඉදිමුණු පාද වලින් පෙන්වන නිධංගත සැඟවුණු රෝග රැසක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights