“ගොඩක් දුක හිතුනා ඒ මල්ලිගේ ෆෝන් එකේ අම්මා කියලා තියනකොට.”කව්ද හිතුවේ ඔහුටත් එවැනිම ඉරණමක් අත් වෙයි කියලා.

0
202

ඇත්තටම දෛවෝපගත සිද්ධියක්.. ඔහු ඒ සිද්ධිය ගැන සංවේදී වෙනවා… ඒ විතරක් නෙවෙයි..

ඔහුට මේ අත්දැකීම හද සසල කරන්නක් වුණා.. අම්මෙක් , දරුවෙක් අතර මොන තරම් බැඳීමක් තියනවාද..? මේ කතාවත් එක්ක චාමිකට හිතෙන්න ඇත්තේ එපමණයි.. ඒත් ඒ සිද්ධියෙන් පස්සේ ජීවත් වෙන්න ලැබුණේ පැය කිහිපයයි.. මේ කතාව අවසානයේ නෙතට කඳුළක් උනන්නේ ඔහු සිය මුහුණු පොතේ පළකළ සංවේදී සටහන නිසා කිව්වොත් හරි…

“හැප්පිලා විනාඩි කිහිපයකින් එක මල්ලී කෙනෙක්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.. ඒ කෝල් එකේ අම්මා කියලා තිබුණා.. ඒ මේ අනතුර ගැන දැනගෙන නෙවෙයි.. නිකන් ඉන්නේ කොහේද පුතේ කියලා අහන්න වෙන්න ඇති.. ඊට පස්සේ හිටපු කෙනෙක් කිව්වා පොඩි අනතුරක් වෙලා කලබල වෙන්න එපා කියලා.. එතකොටත් ඒ දෙන්නාම මැරිලා… පුතාට මෙහෙම දෙයක් වෙනකොට අම්මාට දැනෙන්න ඇති අමුත්තක්.. ගොඩක් දුක හිතුනා ඒ මල්ලිගේ ෆෝන් එක ළඟ අම්මා කියලා තියනකොට.. ”

මේ ඔහුගේ මුහුණු පොතේ පළවුණ ඒ දුක හිතෙන සටහනක්..

ඇත්තෙන්ම ඒ සටහන පළ කර ගත වුණේ තවත් පැය කිහිපයක් පමණයි.. ඔහුටත් එවැනිම ඛේදනීය ඉරණමක් අත්වුණේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයකයි…

තමා දුටු යතුරු පැදි අනතුරක් ගැන සංවේදී වූ තරුණයෙකු, යතුරුපැදි අනතුරක් නිසාම දිවි හැරගිය සංවේදී පුවතක් වාර්තා වෙනවා.. ඒ ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයෙන්.. චාමික ප්‍රනාන්දු නැමති මේ තරුණයා තම මිතුරෙක් සමඟ යතුරුදියේ ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව ජීවිතය හැරදා ගොස් තිබුණා..

පමුණුගම , උස්වැටකෙයියාව ප්‍රදේශයේදී ඔවුන් මේ අනතුරට මුහුණපා ඇති අතර, අසල තාප්පයක හා පහන් කණුවක ගැටුණු මේ යතුරුපැදි අනතුර සිදුව තිබුණ බවටයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත්, ඒ මොහොතේ යතුරුපැදියේ ගමන්ගත් ඔහුගේ මිතුරා අසාධ්‍ය තත්වයේ පසුවෙන බවයි වාර්තා වෙන්නේ..

Previous articleකාලයට මොනතරම් දේවල් වෙනස් කරන්න පුළුවන් උනත්, කසුන්-උදාරි ආදර කතාවට අවසානයේ අත් වූ ඉරණම..
Next articleමහාචාර්ය නීලිකා මලවිගේට ලොවක් ඉදිරියේ ලැබුණු තනතුර ගැන ඇසෙන අලුත්ම ආරංචිය..