Home දේශිය පුවත් මහාචාර්ය නීලිකා මලවිගේට ලොවක් ඉදිරියේ ලැබුණු තනතුර ගැන ඇසෙන අලුත්ම ආරංචිය..

මහාචාර්ය නීලිකා මලවිගේට ලොවක් ඉදිරියේ ලැබුණු තනතුර ගැන ඇසෙන අලුත්ම ආරංචිය..

0
234

පසුගිය කාලේ ඇය ගැන ගොඩක් කතා ඇසුණා.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අලුත්ම ආරංචියක්..

මහාචාර්ය නීලිකා මලවිගේ, පසුගිය කොරෝනා සමයේ ඇයගේ නම කාටත් සුපුරුදු වුණේ, ඒ කාලසීමාව තුළදී ඇය ඇතුළු බොහෝ දෙනාගේ කැපවීම නිසයි.. ඇය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද..?

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ පත්කර තිබෙනවා..

ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත අතර ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතිනවා..

මහාචාර්ය නීලිකා මලවිගේ අදාළ ධුරය සඳහා ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් තෝරා පත් කරගෙන ඇත්තේ බෝවන රෝග ක්ෂේත්‍රයට ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින්…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනු ලබන මහාචාර්ය නීලිකා මලවිගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක් මෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමිකරගෙන තිබෙනවා…

Previous article“ගොඩක් දුක හිතුනා ඒ මල්ලිගේ ෆෝන් එකේ අම්මා කියලා තියනකොට.”කව්ද හිතුවේ ඔහුටත් එවැනිම ඉරණමක් අත් වෙයි කියලා.
Next articleට්‍රිප් හිහින් මේ වැවෙන් නාන්න යන්නේ බලාගෙනයි. පේනවනේ වෙලා තියෙන වැඩේ…
error: Content is protected !!
Verified by MonsterInsights