Home සයුරෙන් එහා පුවත් මම සල්ලි දීපු සීට් එක මට ඕන එච්චරයි..” අවුරුදු 2ක...

මම සල්ලි දීපු සීට් එක මට ඕන එච්චරයි..” අවුරුදු 2ක දරුවෙක්ට ගුවන් යානයේ ජනේලය ළඟ අසුන නොදුන් තරුණියට අන්තිමට වුන වැඩේ.

0
13

✈️ “මම සල්ලි දීපු සීට් එක මට ඕන එච්චරයි..”
අවුරුදු 2ක දරුවෙක්ට ගුවන් යානයේ ජනේලය ළඟ අසුන නොදුන් තරුණියට අන්තිමට වුන වැඩේ.. 📱💔

අද කාලේ ෆේස්බුක් එකේ වීඩියෝ එකක් වයිරල් වෙන්න යන්නේ තත්පර ගාණයි. හැබැයි ඒ තත්පර ගාණ ඇතුළේ කෙනෙක්ව හීරෝ කෙනෙක් කරන්නත්, තවත් කෙනෙක්ව ලෝකයම පිළිකුල් කරන විලන් කෙනෙක් කරන්නත් මේ අන්තර්ජාලයට පුළුවන්.

අද අපි කියන්න යන්නේ බ්‍රසීලයෙන් ඇහුණු, මුළු ලෝකයම දෙපිලකට බෙදපු පුදුම කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතය 29 හැවිරිදි Jeniffer Castro. ඇය වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්.

📍 ජෙනිෆර් බ්‍රසීලයේ Rio de Janeiro ඉඳලා Belo Horizonte බලා යන GOL Airlines යානයට ගොඩවුණේ සාමාන්‍ය මගියෙක් විදිහට. ඇය කලින්ම සැලසුම් කරලා, අමතර මුදලක් ගෙවලා ඇයට අවශ්‍ය Window Seat එක (ජනේලය අසල අසුන) වෙන් කරගෙනයි හිටියේ.

හැබැයි ඇය යානයට ගොඩවෙලා තමන්ගේ අසුන ගාවට යනකොට ඇය දැක්කේ පුදුම දෙයක්.. 😲 ඇය සල්ලි දීලා වෙන් කරගත්ත අසුනේ දැනටමත් අවුරුදු දෙකක විතර පුංචි දරුවෙක් වාඩි වෙලා ඉන්නවා.

දරුවාගේ අම්මා ජෙනිෆර්ගෙන් බොහොම ආදරයෙන් ඉල්ලීමක් කළා

“අනේ මිස්, මගේ දරුවා මේ සීට් එකට ආසයි. ඔයාට පුළුවන්ද වෙනත් අසුනකට මාරු වෙන්න?”

ඔන්න ඔතනයි ප්‍රශ්නය පටන් ගත්තේ. ජෙනිෆර් ඉතාම සන්සුන්ව, හැබැයි කෙළින්ම මෙහෙම කිව්වා.
“නැහැ, මට මාරු වෙන්න බැහැ. මම මේ සීට් එකට කලින්ම සල්ලි ගෙවලා වෙන් කරගත්තේ මට මේකේ යන්න ඕන නිසා.”

🔥 ජෙනිෆර් තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියා. ඇය දරුවාට අසුන දුන්නේ නැහැ. අන්තිමේදී දරුවාගේ අම්මාට සිද්ධ වුණා අඬන දරුවාව වඩාගෙන වෙනත් අසුනකට යන්න. විනාඩි 50ක ඒ කෙටි ගුවන් ගමන පුරාවටම දරුවා අඬන්න පටන් ගත්තා.

ප්‍රශ්නය එතනින් ඉවර වුණේ නැහැ… මේ දර්ශනය දකින වෙනත් මගියෙක් තමන්ගේ ස්මාර්ට් ෆෝන් එක අරන් ජෙනිෆර්ව හොරෙන් වීඩියෝ කරන්න ගත්තා. 🤳

ඒ මගියා වීඩියෝ එක අන්තර්ජාලයට දාලා මෙන්න මෙහෙම ලිව්වා
“ඇත්තටම පිළිකුල් සහගතයි… පොඩි දරුවෙක් වෙනුවෙන් අසුනක් දෙන්න බැරි තරම් මේ ගෑනු මනුස්සයා මේ තරම් ආත්මාර්ථකාමී වුණේ කොහොමද?”

🌍 වීඩියෝ එක ලැව්ගින්නක් වගේ පැතිරුණා. මිලියන ගණන් මිනිස්සු මේක බැලුවා. කමෙන්ට් සෙක්ෂන් එක යුධ පිටියක් වුණා.

🔴පිරිසක් මෙහෙම කිව්වා “මනුස්සකම සල්ලි වලට වඩා වටිනවා. පොඩි දරුවෙක් අඬද්දී කොහොමද හිතක් පපුවක් නැතිව ජනේලෙන් එළිය බල බල යන්නේ? ඇයට තිබුණා ඒ දරුවා ගැන හිතන්න.”

🔵 තවත් පිරිසක් මෙහෙම කිව්වා “ඇය කිසිම නීතියක් කැඩුවේ නැහැ. ඇය ඒ අසුනට ගෙව්වා. අම්මා කෙනෙක් වුණ පළියට අනුන්ගේ අයිතිවාසිකම් බලෙන් ගන්න බැහැ. තමන්ගේ දරුවාට ජනේලය අසල අසුනක් ඕන නම්, ඒ අම්මා ඒක කලින් වෙන් කරගන්න තිබුණා.”

🤔 අපි හැමෝම කැමතියි හොඳ මනුස්සයෝ වෙන්න. හැබැයි තවත් කෙනෙක්ගේ සැලසුමක් නැතිකම නිසා හෝ නොසැලකිලිමත්කම නිසා, තමන් සල්ලි දීලා ගත්ත දෙයක් කැප කරන්න කෙනෙක් බැඳිලා ඉන්නවද?

ගුවන් යානයක සීට් එකක් කියන්නේ දිගු වෙලාවක් සුවපහසුව යන්න මිනිස්සු අමතර මුදලක් ගෙවලා ගන්න දෙයක්. දරුවාට ඒ පහසුව ඕන නම් මවුපියන් ඒක කලින් සූදානම් කරගත යුතුයි.

අද කාලේ ඕනෑම කෙනෙක්ට පුළුවන් වීඩියෝ එකක් දාලා කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න. හැබැයි ඒ වීඩියෝ එකේ පෙනෙන දේට වඩා ලොකු කතාවක් යට තියෙන්න පුළුවන්.

ජෙනිෆර්ට තිබුණා අසුන දීලා හොඳ කෙනෙක් වෙන්න. හැබැයි ඇය තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම ඇයව නරක කෙනෙක් කරනවද?

✍️ජෙනිෆර් කැස්ත්‍රෝ කියන්නේ නීතියක් කඩපු අපරාධකාරියක් නෙවෙයි. ඇය කළේ තමන් ගෙවපු මිලට නියමිත සේවාව ලබාගැනීම විතරයි. හැබැයි අපේ සමාජය හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ කැපකිරීම් කරන මිනිස්සුන්ව. කෙනෙක් තමන්ගේ අයිතිය ඉල්ලනකොට අපි ඒකට ආත්මාර්ථකාමිත්වය කියන ලේබලය අලවනවා.

ඔබ හිතන්නේ මොකක්ද?
ඔබ ජෙනිෆර්ගේ තැන හිටියා නම්, අමතර මුදලක් ගෙවලා වෙන් කරගත්ත ඔබේ අසුන නොසැලකිලිමත් දෙමාපියන් ඉන්න අඬන දරුවෙක් වෙනුවෙන් දෙනවද? නැත්නම් මම මේකට සල්ලි ගෙව්වා, මම මේකේ යනවා කියලා කෙළින් ඉන්නවද?

ඔබේ අදහස මොකද…? 👇

 

Previous articleරුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම කල්තියා හඳුනාගත හැකිද?
Next articleබැලුම්මහර සිට කැලණිය දක්වා සාම පාගමනේ පාවඩ නැති හිස්තැන් වල එම අඩුව තනිවම පිරවූ දිරිය කාන්තාව.
error: Content is protected !!
Verified by MonsterInsights