Home දේශිය පුවත් ආයේ මට කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැ..” මීට වසර හයකට පෙර...

ආයේ මට කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැ..” මීට වසර හයකට පෙර උදෙන්ම දෙවියන් යදින්නට ගිය ක්‍රිශාණිට අත්වූ දුක්බර ඉරණමේ වගකිවයුත්තන් කවුද ?

0
318

හරියටම අවුරුදු 06කට පෙර නිරායුධ අහිංසක සිවිල් වැසියන් කිතුණු දේවස්ථානවල දෙවියන් යදිමින් සිටියා…

එදවස, පාස්කු උත්ථානයේ ජීවමාන ජේසුස් වහන්සේ වෙනුවෙන් දෙවියන් ඉදිරියට ගිය බොහෝ දෙනෙක් කම්පා වූ දවසක්..

තම ආදරණීයයන් තම ඇස් ඉදිරිපිටදීම ලේවලින් වන්දි ගෙවූ දවසක්..

පාස්කු උත්ථානයේ සුභාරංචිය එක නිමේෂයකින් අන්ධකාරයෙන් වෙළාගත් මොහොතක් බවට පත්වුණේ කවුරුත් නොසිතූ නිමේෂයකයි..

එදා මඩකලපුවට ඉහළින් උදාවන හිරු කිරණ වෙනදා වගේමයි.. ජන ජීවිත සාමකාමීයි….

එහෙත් අන්ධකාරයේ අඳුරු සෙවණැලි තවමත් මේ ජීවිත ඇතුළේ ඉකි ගහනවා..
එහෙත්…මේ අහිංසක මිනිස්සුන්ට යුක්තිය තව බොහෝ දුරයි…

කන්නන් ක්‍රිශානි…..
ඇය එදා දේවස්ථානයට ගියේ ජේසුස් වහන්සේගේ පාස්කු උත්ථානය සැමරීම සඳහායි..
එහෙත්, ඒ සියල්ල නිමේෂයකින් උදුරා ගැනීමට පාස්කු බෝම්බ ප්‍රහාරය කුරිරු වුණා..

දැන් ඇයට වයස අවුරුදු 16ක්…
දකුණු අතින් අකුරු ලියපු ක්‍රිශානිට … ආයේ කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැරි කරන්න තරම් ඒ බෝම්බයේ මූනිස්සම් කැබලි කුරිරු වුණා… දැන් ඇය අමාරුවෙන් වමතින් අකුරු කරන්න හුරු වෙනවා…

මේ ඇගේ සිතුවිලි…

–අදට අවුරුදු 06ක් වෙනවා.
මම මීට කලින් අකුරු ලිව්වේ දකුණු අතින්.
දැන් මගේ දකුණු අත පණ නැහැ.
එදා පල්ලියේ බෝම්බය මට මතක් වෙනවා.
ආයේ මට කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැහැ.
අම්මා බලන් ඉන්නේ මට හොඳ වෙනකම්.
කවදා මට යුක්තිය ඉටු වෙයි ද ?

මේ ජිවිත මේ අයුරින් විනාශ කිරීමට හේතුව මොකක්ද?

කාගේ වුවමනාවට, කුමන පරමාර්ථයෙන් මෙම අමානුෂික බෝම්බ ප්‍රහාරය එල්ල කළත්, මේ පුංචි දරු පැටව් කළ වරද කුමක්ද..?

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු වනතුරු මුළු ලෝකයක් බලා සිටින බව අමතක නොකළ හැකි සත්‍යයක්..

 

Previous articleපාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්.
Next articleරටක් ආදරේ කරන චිරත්න-සමිතා පවුලට එදා විශේෂ දවසක්… පස් වසරක මතකයන් එක්ක ඔවුන් සිය සතුට සැමරුවේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights