පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති අනුරගෙන් ශෝක පණිවුඩයක්.

0
249

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවය.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ X සටහනේ වැඩිදුරටත් සඳහන් ය.

උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ උරුමය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් ලබා දෙනු ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පෙන්වා දී ඇත.

Previous articleමුළු ලොවක් හඬවමින් වතිකානුවෙන් දුක්බර පුවතක්…
Next articleආයේ මට කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැ..” මීට වසර හයකට පෙර උදෙන්ම දෙවියන් යදින්නට ගිය ක්‍රිශාණිට අත්වූ දුක්බර ඉරණමේ වගකිවයුත්තන් කවුද ?