Home දේශිය පුවත් ඉරණවිල ඒ ලස්සන මිදුල ආයේ කවදාවත් දකින්න නැති වේවි….. රටේම ආදරේ...

ඉරණවිල ඒ ලස්සන මිදුල ආයේ කවදාවත් දකින්න නැති වේවි….. රටේම ආදරේ දිනූ ඇය යන්නම ගිහින්.

0
326

 

 

සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූ, දැකපු සැනින් සිතට සැනසීමක් ගෙන දුන් ඉරණවිල ප්‍රදේශයේ පිහිටි ඒ සුන්දර පිරිසිදු වැලි මිදුල ඔබට මතක ඇති.


බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වූ ඒ සුන්දර මිදුල අතුගාමින් ඉතාමත් පිළිවෙළකට තබාගත් ඒ ආදරණීය මව මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වනවා.

ඉතාමත් චාම්, ගැමි සිරියාවෙන් පිරි ඒ නිවසත්, ඇසට ප්‍රිය වූ වැලි මිදුලත් කාලයක් තිස්සේම අන්තර්ජාලය තුළ ඡායාරූප මගින් ප්‍රසිද්ධ වී තිබුණා. එම මිදුලේ ලස්සනට වඩා ඒ පිටුපස තිබූ ඇයගේ අප්‍රතිහත ධෛර්යය සහ පිරිසිදුකම බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුණා.

ඇයගේ අභාවයත් සමඟ එම සුන්දර මිදුල යළිත් පෙර පරිදි දැක ගැනීමට නොලැබෙනු ඇති බව පවසමින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළ කර සිටිනවා.

“ඉරණවිල ඒ ලස්සන මිදුලේ ලස්සන ආයේ කවදාවත් බලාගන්න බැරි වේවි.. ඇය යන්නම ගිහින්” යනුවෙන් සටහන් කරමින් බොහෝ දෙනා ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.

Previous articleලෝකෙටම 25යි, ලංකාවටම එකයි… අතිසුඛෝපභෝගී වන්ඩි.යකින් පාරට බැස්ස “අරලිය” කුමාරයාගේ නොකී කතා මෙන්න
Next article“ඔව් මම ඒ වරද කළා….” හිටපු සැමියා උසාවියේදී වරද පිළිගනියි! පාපොච්ඡාරණයෙන් සුල මුල එළියට.
error: Content is protected !!
Verified by MonsterInsights