Home දේශිය පුවත් “ඔව් මම ඒ වරද කළා….” හිටපු සැමියා උසාවියේදී වරද පිළිගනියි! පාපොච්ඡාරණයෙන් සුල...

“ඔව් මම ඒ වරද කළා….” හිටපු සැමියා උසාවියේදී වරද පිළිගනියි! පාපොච්ඡාරණයෙන් සුල මුල එළියට.

0
899

 

 

පසුගිය වසරේ බ්‍රිතාන්‍යයේ වේල්ස් ප්‍රාන්තයේ කාඩිෆ් නුවරදී ශ්‍රී ලාංකික තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවත මුළු ලෝකයම කම්පා කළා.

දැන් එම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඇයගේ හිටපු සැමියා අධිකරණය ඉදිරියේ සිය වරද පිළිගෙන තිබෙනවා.

නිව්පෝට් ක්‍රවුන් (Newport Crown) අධිකරණය හමුවේ පෙනී සිටි 37 හැවිරිදි මෙම පුද්ගලයා, තමන් විසින් 32 හැවිරිදි නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නැමැති තරුණිය ඝාතනය කළ බව පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබූ ඔහු, පසුගිය සඳුදා පැවැති නඩු විභාගයේදී සිය ප්‍රකාශය වෙනස් කරමින් මිනීමැරුම සිදුකළ බවට පාපොච්ඡාරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 21 වනදා කාඩිෆ් නුවර රිවර්සයිඩ් ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර තිබී නිරෝධාගේ සිරුර සොයාගනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුණේ තියුණු ආයුධයකින් සිදුකළ බහුවිධ තුවාල හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි. සැකකරු සන්තකයේ පිහියක් තිබූ බවට ද ඔහු මීට පෙර පිළිගෙන තිබුණා.

මියගිය නිරෝධා ගැන ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය ඉතා කරුණාවන්ත සහ සැමට ලෙන්ගතු තරුණියක වූ බවයි. දහසක් බලාපොරොත්තු ඇතිව විදෙස් ගතවූ නිරෝධාට අත්වූ මෙම ඉරණම ගැන ලාංකිකයන් බොහෝ දෙනෙක් සිය කණගාටුව පළ කර තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුට එරෙහි දඬුවම් නියම කිරීම ලබන පෙබරවාරි 20 වනදා සිදු කිරීමට නියමිතයි.

Previous articleඉරණවිල ඒ ලස්සන මිදුල ආයේ කවදාවත් දකින්න නැති වේවි….. රටේම ආදරේ දිනූ ඇය යන්නම ගිහින්.
Next articleදුම්රියක් මතට ඉදිකිරීම් දොඹකරයක් කඩාවැටෙයි.. මියගිය ගණන 22දක්වා ඉහළට.. 80කට තුවාල..
error: Content is protected !!
Verified by MonsterInsights