Home දේශිය පුවත් පාස්කු ඉරුදින බෝම්බයෙන් සදා නිහඩ වු අප තෝප්පුව ග්‍රාමයේ ලුතිනන් කොමාන්ඩර්...

පාස්කු ඉරුදින බෝම්බයෙන් සදා නිහඩ වු අප තෝප්පුව ග්‍රාමයේ ලුතිනන් කොමාන්ඩර් සුගත් නදීශාන් සිල්වා..

0
296

පාස්කු ඉරුදින බෝම්බයෙන් සදා නිහඩ වු අප තෝප්පුව ග්‍රාමයේ ලුතිනන් කොමාන්ඩර් සුගත් නදීශාන් සිල්වා ❤️😓✝️

1991 නොවැම්බර් මස 23 වනදින මෙලොව උපත ලබන නදිශාන් පවුලේ දෙවන දරුවාය.නදීශාන් හට වැඩිමහල් සොහොයුරෙක් හා බාල සොයුරෙක් සිටී. තෝප්පුව මීසමේ අගුරුවත්ත ප්‍රදේශයේ නදිශාන් නිවස පිහිටා ඇත.කුඩා කල සිටම ආගම දහමට ලැදිව තම මව හා පියා සමගින් ගුණවත් ජීවිතයක් ගත කලේය.

තම මුලික අධ්‍යාපනය තෝප්පුව සා.පිලිප්නේරි විදුහලෙන් හදරා අපොස සා.පෙල විභාගය සමත්වී මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ 2010 කණ්ඩායමේ උසස් පෙලා හදරා.තම ඒකායන සිහිනය වූ ශ්‍රි ලංකා නාවික හමුදාවට එක්කවීමට මුලික අඩිතාලම තබන්නේ 2012 වසරේදී ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙමිනි.
2016 වසරේ අප්‍රේල් මස 03 වන දින දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් ත්‍රිකුණාමලයේදී අධිකාරියට පත් වන නදීශාන් තම හමුදා ජීවිතය විනය ගරුකව රටට සේවය කරමින් ගෙවා දමනවා..
කාටත් අමතක නොවන අදුරු දිනය උදාවෙනවා ඒ 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දිනයි..මහා සිකුරාදා දින තෝප්පුව මුරුතාන දේවස්ථානයේ දිව්‍ය යාගයට සහභාගි වී සෙනසුරාදා දින නිවසින් පිටත් වන නදීශාන් තම නව පත්වීම සදහා කොලඹ වරාය වෙත වාර්තා කර තිබුණා .ඒ වෙරල ආවේක්ෂණ නොව්කාවක් සමගින් තම නව සේවය ආරම්භ කිරීමටයි.
එම නැව අප්‍රේල් 21 වන ඉරුදින දහවල් කොලඹ වරායෙන් පිටත් වීමට නියමිත තිබූ නිසාත් ඒදින පාස්කු ඉරුදින වීමත් නදීශාන් සිත තුලවූ දිව්‍ය පුජාවට සහභාගි වීමේ දැඩි අවශ්‍යතාව නිසාත් වරාය පරිශ්‍රය අසල වූ කොලඹ කොච්චිකඩේ සා.අන්තෝනි මුනිදුන්ගේ දෙව්මැදුර ගොඩවෙන නදීශාන් කිසිදිනක තමාගේ උතුම් ජීවිතය කිතුනු විශ්වාසය වෙනුවෙන් පරිත්‍යාග වෙනු ඇත කිසිදා දැන සිටින්නට නැත.
එදින පෙරවරු 8.47 ට මහා හඩින් පුපුරා ගිය ම්ලේච්ඡ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් තෝප්පුව ග්‍රාමයම දුකේදි ගිල්ලවමින් ප්‍රාණ පරිත්‍යාගශිලී ලුතිනන් කොමාන්ඩර් සුගත් නදීශාන් කොච්චිකඩේ සා.අන්තෝනි දෙව්මැදුරේදී තම අවසන් හුස්ම වාතලටයට මුසු කලේය.

වසර 7 ක් ගෙවී ගොස් ඇත..ඔබේ මතකය අප සමගය ..නමුත් විවිධ ඔබේ අහිංසක රුධිරය වෙනුවෙන් සාධාරණයක් වී නැත.
මේ පසු පස ක්‍රියාත්මක වූ අදිසි හස්තය අනාවරණය කිසිදු ජනාධිපතිවරෙයෙකු අපෝසත් වීම දුක්බරය..

ලුතිනන් කොමාන්ඩර් සුගත් නදීශාන් සිල්වා ❤️✝️ ඔබට මොක් සුව ප්‍රාර්ථනා කරමු.

සටහන – ycs thoppuwa

 

Previous articleකවදාවත් පරණ ඇදුම් අදින්න එපා මෙන්න මේ නිසයි..ධනය බලය එක රැයෙන් නැති වී ඔබේ වාසනාව අවහිර වී සිඟමනටම ඇද දමනවා කියලා ඔබ දන්නවාද ?
Next articleරැප් එකක් නිසා ජනප්‍රිය වුණ මියෝනා පොලිස් පුටුවට..
error: Content is protected !!
Verified by MonsterInsights