Home තරු ගොසිප් ඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් කතා වුණා. ඇත්තටම මේ කියන...

ඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් කතා වුණා. ඇත්තටම මේ කියන සිද්ධිය හිතන තරම් දුරදිග ගිය කතාවක්ද..?

0
128

ඔහුගේ මේ සිද්ධිය ගැන රටේ බොහෝ දෙනෙක් ඊයේ කතා වුණා.

ඇත්තටම මේ කියන සිද්ධිය හිතන තරම් දුරදිග ගිය කතාවක්ද..?

ප්‍රසිද්ධ රංගන ශිල්පී හේමාල් රණසිංහ විසින් වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු සහ සිනමා විචාරකයෙකු වන ලක්මිණ රණසිංහට පහරදුන් බවට කියන සිද්ධියට අදාළ නඩුව දෙවන දිනටත් ඊයේ විභාග කෙරුණා..

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. හේමාල් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ලක්මිණ සහ හේමාල් යනු සමීප මිතුරන් බවයි.

මෙම සිද්ධිය මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ සුළු මතභේදයක් පමණක් බවත්, මෙවැනි සුළු සිදුවීම් අධිකරණය හමුවේ විභාග කිරීම අනවශ්‍ය බවයි.

මෙය නීතිය හමුවේ සැලකිල්ලට ගත නොහැකි තරම් ඉතා කුඩා සිදුවීමක් බව අවධාරණය කළ විත්තියේ නීතිඥවරයා, මෙම ආරවුල විසඳා ගැනීම සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ පැවසුවේ මෙය “මිතුරන් අතර ඇති වූ සුළු ආරවුලක්”බවයි.

Previous articleඅනේ මාව බේරගන්න…” කියලා කෑගහපු පුංචි කටහඬ ඇහිලා, තමන්ගේ ජී විතය ගැනවත් නොහිතා වතුරට පැ ‌න්න බුත්තල තරුණයාගේ වීරත්වය…
Next articleඅනතුරු ඇඟවීමයි! ගංගා 3ක් පිටාර ගලයි… පවුල් දහස් ගණනක් අවතැන් කළ කාලගුණයේ සෙල්ලම මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights