ඇමරිකාවට ගිය තරුෂි ජයග්‍රහණයකින්ම නව වසර අරඹයි. අපේ කෙල්ලගේ දක්ෂතා දැකලා ඇමරිකාවත් ෆුල් හොල්මන්..

0
126

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි පැවති වැන්ඩර්බිල්ට් ගෘහස්ථ ආරාධිත 2025 තරගාවලියේ දී කාන්තා මීටර් 400 ඉසව්වේ තුන්වැනි වටය ජයග්‍රහණය කරමින් 2025 වසර ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරී තරුෂි කරුණාරත්න පසුගියදා සමත්වූවාය.

තරුෂි මෙහිදී තත්පර 54.51ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්වූයේ ටියුලේන් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මෙම ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් 52 අභිබවා යමිනි.

මෙම තරගාවලියට පෙර, තරුෂි කාන්තා මීටර් 1000 ඉසව්වට සහභාගි වී මිනිත්තු 2 යි තත්පර 49.04කින් අවසන් කළ අතර එහිදී ඇය 7වැනි ස්ථානයට පත්විය.

වලල ඒ. රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩිකාවක් වන තරුෂි කරුණාරත්න පසුගිය වසරේ (2024) අගෝස්තු මසදී ලුසියානා හි නිව් ඕර්ලියන්ස් හි ටියුලේන් විශ්වවිද්‍යාලයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියාය.

ඇය කළමනාකරණය පිළිබඳ උපාධි අපේක්ෂිකාවක් වන අතරම ක්‍රීඩා කටයුතුවල නියැළෙමින් ධාවන පථයේ ඇගේ වෘත්තීය ජීවිතය සඳහා තීරණාත්මක විදේශීය අත්දැකීම් ලබාගනිමින් සිටියි. තරුෂි කරුණාරත්න පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් උළෙලට මීටර් 800 ඉසව්වෙන් සුදුසුකම් ලබා ගත් විට ඔලිම්පික් ක්‍රීඩිකාවක් බවට පත් වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම සාමාජිකාව ද වූවාය. ඇය 2022 දී ආසියානු කනිෂ්ඨ රන් පදක්කම දිනා ගත් අතර, එම වසරේම ජ්‍යෙෂ්ඨ ආසියානු ශූරතාවලියේදී රන් පදක්කමක් ද දිනා ගත්තාය

Previous articleලංකාවේ ලස්සන දැකපු ඒ සුපිරි ක්‍රිකට් තරුව තුන් මාසයක් ගතවෙන්නටත් පෙර නැවතත් ලංකාවේ සංචාරයට ඇවිත්
Next articleකලා ක්ෂේත්‍රයේ තවත් සුරූපිනියක් හදිසියේම රටම හඬවමින් සිය දිවි සැරිය නිම කරයි !