මෙවැනි තවත් බොහෝ ඛේදාන්ත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දවස්වල අහන්න දකින්න ලැබෙනවා. මේ අන්න ඒ වගේ තවත් එක් සංවේදී කතාවක්.
තමන්ගේ දුව නැතුව මින් ඉදිරියට ජීවත් වෙන්න ඔවුන් හිත හදාගන්නේ කොහොමද..? සමාජමාධ්‍යයේ සැරිසරන ඒ කතාව මෙසේයි..
මෙය සත්‍ය සිදුවීමකි…
(දවස් 07කට පෙර) අම්මා – පුතේ අද පරිප්පු විතරයි ඉව්වෙ. බැදුමක් වත් තව හදන්නද…?
දුව – ඕවා අයෙ මුකුත් ඕන්නේ නෑ අම්මේ. මට බත් ටිකක් බෙදලා දෙන්නකො. අද බඩගිනියි.
කෑම කාලා ටික වෙලාවක් පසු වුණි. දුව phone එක බලමින් කාමරයට ගියේය….
නාරංගමුව ගම්මානයට අධික ලෙස වර්ෂාව වැඩි විය… පැය එකහමාරකට පසු……..!
තාත්තා – ඒයී අද නම් වැස්ස සැර වැඩී වගේ නේද…?
අම්මා – ඔව් අප්පා බයේ බෑ.උඩ කන්දත් එක්ක අපේ මහත්තයා.
ටික වෙලාවකින් විශාල ශබ්දයක් සමගින් පස් සෝදා ගෙන පහලට එන අයුරු තාත්තා දැක්කේය….
තාත්තා – පුතේ අපි යමු.පස් වගයක් එනවා ඕන්..
අම්මා – යනවා කියලා කොහෙ යන්නද මේ වැස්සේ..
දුව – තව වැස්ස සැර උනොත් යං අම්මේ…
මද වේලාවකින් පස්,ගල් ගෙදර ආසන්නයටම ආවා….
තාත්තා – අපි පල්ලෙහාට දුවමු පුතේ…
දුව – යමු තාත්තේ නැත්තම් අපි ඉවරයි…
අම්මා – යමු…….ඉක්මනින්…
විනාඩියකට පසු තාත්තා හා අම්මා මුලින්ම එලියට ගියේය.
දුව එලියට පැමිනියේය. දුව මේසේ පැවසීය…
දුව – අම්මේ මං පපීයි කිටියි (සුරතල්ලු දෙන්නා)අරගෙන ඉක්මනට එන්නම් …
අම්මා – ඉක්මනින් එන්න මයේ කෙල්ල..
දුව ගෙදර ඇතුලට නැවත ගිය පසු නැවත එලියට පැමිණියේ නැත… මහා පස් කන්ද ගෙදර සම්පූර්ණයෙන්ම යට කරගෙන ගියේය…
ගම්මුන් සහ ත්‍රිවිධ හමුදාව එක්ව සොයාගැනීමට උත්සහ කළද, තවමත් දුව හොයාගැනීමට නොහැකි විය..











