Home දේශිය පුවත් නිදි යහනේදී පියාට යටවී අකාලයෙ පරව ගිය මල් කැකුළක් ගැන ඇහෙන අනුවේදනිය...

නිදි යහනේදී පියාට යටවී අකාලයෙ පරව ගිය මල් කැකුළක් ගැන ඇහෙන අනුවේදනිය කතාව…

0
69

 

 

අනුරාධපුර නව නගරයේ පදිංචිව සිටි මාස තුනක කුඩා දරුවකු නිදි යහනේදී පියාට යටවී පෙරේදා ජීවිතක්‍ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මෛත්‍රිපාල සේනානායක මාවත නව නගරය අනුරාධපුර පදිංචිව සිටි ටිනෝෂ් ඩිනොල්ඩ් නමැති මාස තුනයි දින 28ක් වන ළදරුවෙකි.

ජීවිතක්‍ෂයට පත්වූ දරුවාගේ මව උදෑසන 6.30ට පමණ රැකියාවට ගොස් ඇති අතර පියා, අවුරුදු දෙකයි මාස දෙකක් වන වැඩිමහල් දරුවා සහ මියගිය දරුවා සමග උදෑසන 8.30ට පමණ නිවසේ ඇඳක නින්දට ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරුව පෙ.ව. 11.45ට පමණ පියා නින්දෙන් අවදිවී බලන අවස්ථාවේදී කුඩා දරුවා පියාගේ ශරීරයට ස්පර්ශ වන පරිදි නිසොල්මන්ව සිට ඇත.

ඉන්පසු පියා වහා දරුවා රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් එම දරුවා ජීවිතක්‍ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ.

මෙම දරුවාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ සිදු කිරීමට නියමිතව පවති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Previous articleගෙදර ඇතුළට ගිය දුව නැවත එළියට ආවේ නැහැ.. නාරංගමුව ගම්මානයම හැඬවූ ඒ කඳුළු කතාව මෙන්න..
Next article“මගේ අම්මා හිටපු තැන 13 දෙනෙක් විතර නැතිවුණා.. මගේ තාත්තව අත්හැරලා මට මගේ අම්මාව බේරගන්න වුණා..” අකාරුණික වුණු රාක්ෂාව කන්ද නිසා උන් හිටිතැන් අහිමි වුණු මිනිසුන්ගේ කඳුළු කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights