Home දේශිය පුවත් දෙදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුරක්.. ප්‍රදේශයක් කම්පාවට පත් කළ සිද්ධියක් ගැන ඇසෙන...

දෙදෙනෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුරක්.. ප්‍රදේශයක් කම්පාවට පත් කළ සිද්ධියක් ගැන ඇසෙන ඇඟ සලිතවන ආරංචිය මෙන්න..

0
8

ඇසෙන්නේ සියල්ලන් සංවේගයට පත් කළ කතාවක්.

මේ තරම් පොඩි වයසකින් ඔවුන් දෙදෙනා ජීවිතයෙන් සමුගත් පුවත මේ අයට ආදරය කරන අය කොහොම නම් දරාගනිවිද..?

ඌව කුඩාඔය පොලිස් වසමට අයත් සිරිපුරගම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරුද ඉකුත් 11 වෙනිදා රාත්‍රී මිය ගොස් තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ සිරිපුරගම පදිංචි ආර්. එම්. චාමික දේශාන් නමැති තරුණයෙකු වන අතර ඔහු මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වෙනවා.

මීට පෙර මැයි තුන්වෙනි දා ඔහු සමඟ දහම් පාසලට පසු පැදිකාරිය ලෙස යතුරු පැදියෙන් යමින් සිටි බුදුරුවගල මහා විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්. එම්. සඳලී නමැති දැරිය අනතුර සිදු වූ දිනයේදීම මිය ගොස් තිබිණි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ මෙම දැරියගේ ලොකු තාත්තාගේ පුතෙක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ වෙතත්, කුඩාඔය පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත කුමාරසිංහ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Previous articleතද වැසි පිළිබඳ අවදානයෙන් සිටින්න.. කාලගුණයෙන් රතු නිවේදනයක්..
Next article“අදත් එදා වගේම පාන්දර ඉදන්ම වැස්ස වහිනවා…” වෙනස්වෙන කාලගුණයත් එක්ක හිත වෙලාගත් අඳුරු මතකයක් ගැන ඇසෙන කතාවක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights