පසුගිය දිට්වා සුළිකුණාටුව, එවැනි අමිහිරි අත්දැකීම් බොහෝමයක් එකතු කළ කාලසීමාවක් වුණා.
මේ ගෙවෙන කාලයත් එක්ක නැවතත් ඒ මතක සමහර හිත්වල දෝංකාර දෙන කාරණයක් වෙලා. බලන්නකෝ මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක් සංවේදී කතාවක්.
අන් කරවදාටත් වඩා ඔබ ඔබේ ජීවිතවල වටිනාකම ගැන හිතන්න ඕන කියන කාරණය මේ සටහනත් එක්ක බොහෝ දෙනෙක්ට හිතේවි.
“අදත් එදා වගේම පාන්දර ඉදන්ම වැස්ස වහිනවා. මට මතක් වුණේම මාස කිහිපයකට කලින් අපේ ගමට,රටට සිද්ධ වුණ ව්‍යයසනය.
උදේ, හවස හම්බවෙලා කතා බහ කරපු, එකම ආයතනයක සේවය කරපු, හිත මිතුරන් ගොඩ දෙනෙක් එක විනාඩි ගානකින් අපෙන් සදහටම වෙන් වෙලා ගියා.
අදත් එදා වගේම කාලගුණ අනාවැකි දාලා තියෙනවා දැක්කා මිලිමීටර් 100-200 අතර වැසි ලැබෙන්න ඉඩ තියෙනවා කියලා ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ඉතින් ඔයාලා දන්න කියන කවුරු හරි ඉන්නවා නම් නාය යෑමේ, ගංවතුර ගැලීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුලුවන් අවදානමක් සහිත ප්‍රදේශවල කරුණාකර ඒ අයව දැනුවත් කරන්න. දිට්වා සුලි කුණාටුවෙන් වුණ විනාශය වගේ දේවල් ආයේ අහන්න දකින්න නොලැබේවා.
එදා මොනරෝවියාවත්ත නාය යෑමෙන් අපි අතරින් වෙන් වුණ නිලන්ත අයියාත්,එයාගේ දරු පවුල ඇතුලු අනිත් පවුල්වල සියලුම දෙනාටත්,දිඨ්වා සුලි කුණාටුවෙන් ජීවිත අහිමි වුණ සෑම සියලු දෙනාටත් අමා මහා නිවන් සුවයම ලැබේවා..!!
හැමෝම ප්‍රවේශමෙන් ඉන්න.”












