මුළු ලෝකයම දකින්නේ ඉර කියන්නේ කාටවත් අයිති නැති පොදු වස්තුවක් විදියට.
හැබැයි ස්පාඤ්ඤයේ ජීවත් වුණු මේ අපූරු ගැහැනිය මුළු ලෝකයටම අභියෝග කරලා කිව්වේ “නෑ… අද ඉඳන් ඉර මගේ පුද්ගලික දේපළක්!” කියලා. ඇය නමින් ඇන්ජලීස් ඩුරාන් (Angeles Duran)
ඇය නිකම්ම කතාවට මේක කිව්වා නෙවෙයි, නීති පොත් පෙරළලා ඉර තමන්ගේ නමටම ලියාපදිංචි කරලා ලෝකයම අන්ද මන්ද කළා!
ඇන්ජලීස්ගේ මේ පිස්සු හැදෙන වැඩේ පටන් ගත්තේ ඇමරිකානු ජාතිකයෙක් “හඳ” තමන්ගේ නමට ලියාපදිංචි කළා කියන පුවත දැකලා. ඇය වහාම නීති පොත් පීරන්න ගත්තා. එතැනදී ඇයට හමු වුණු හිඩැස තමයි 1967 අභ්‍යවකාශ ගිවිසුම. ඒකේ හැටියට කිසිම රටකට අභ්‍යවකාශ වස්තුවක අයිතිය ඉල්ලන්න බැහැ. හැබැයි “පුද්ගලයෙකුට” ඒක කරන්න බැහැ කියලා කොහේවත් ලියලා තිබුණේ නැහැ!
මේක අල්ලගත්ත ඇන්ජලීස් කෙළින්ම නොතාරිස් ළඟට ගිහින් 2010 දී “සූර්යයාගේ නීත්‍යානුකූල අයිතිය” තමන් සතු කරගත්තා. දැන් ඇය සතුව රජයේ මුද්‍රාව සහිත ඔප්පු පවා තියෙනවා!
ඉර අයිති කරගෙන ඇය නිකම් හිටියේ නැහැ. eBay වෙබ් අඩවියේ හිරුගේ බිම් කොටස් විකුණන්න ඇය දැන්වීමක් දැම්මා. එක වර්ග මීටරයක් යුරෝ එකයි! පුදුමේ කියන්නේ ලෝකේ වටේ මිනිස්සු සිය ගණනක් සල්ලි දීලා ඉරෙන් කෑලි මිලදී ගන්න ඉදිරිපත් වීමයි. eBay ආයතනය මේක තහනම් කළාම ඇය ඔවුන්ටත් නඩු දැම්මේ “සොෆ්ට්වෙයාර් විකුණන්න පුළුවන් නම් ඉරේ කෑලි විකුණන්න බැරි ඇයි?” කියලා අහමින්.
ඉර ඇයට අයිති නම් මුළු ලෝකයම පාවිච්චි කරන්නේ ඇගේ දේපළක්. ඒ නිසා ඇය අමුතුම නිවේදනයක් කළා. “ඉරේ රශ්මිය පාවිච්චි කරන හැමෝම මට බද්දක් ගෙවන්න ඕනේ!” මේක ඇහුවම සමහරු ඇයට හිනා වෙද්දී තවත් පිරිසක් ඇහුවේ “ඉර රශ්මියට මගේ ඇඟ පිච්චුණොත් ඔයා වන්දි ගෙවනවාද?” කියලා. හැබැයි ඇය මේ සල්ලි එකතු කරන්න හැදුවේ තමන්ට පොදි ගහගන්න නෙවෙයි.
ඇන්ජලීස් මේ බදු මුදල් බෙදන්න ප්ලෑන් කරලා තිබුණේ මෙහෙමයි,
50% ක් රජයට – රටේ ආර්ථිකය ගොඩදාන්න.
20% ක් විශ්‍රාම වැටුප්වලට – අසරණ වැඩිහිටියන්ට උදව් කරන්න.
10% ක් ලෝක සාගින්න නිවන්න – කුසගින්නේ ඉන්න දරුවන්ට කෑම දෙන්න.
10% ක් විද්‍යා පර්යේෂණවලට සහ ඇයට ඉතිරි වුණේ 10% ක් විතරයි.
ඇය ඇත්තටම කළේ ලෝකයේ තියෙන නීති රීති කොච්චර දුර්වලද කියලා පෙන්වන ගමන්, ඒ හරහා මුළු ලෝකෙටම සෙතක් කරන්න හදපු එකයි. ඇය අන්තිමට කිව්වේ “මම මේ දේවල් කරන්නේ ලෝකය ගැන හිතලා” කියලා. ඇය නිසා අන්තිමේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ නීති පවා සංශෝධනය කරන්න සිද්ධ වුණා!












