Home දේශිය පුවත් අපේ පවුල ගොඩදැම්මෙ මෙයා”: උපාධිය ගත්තු දවසේ තමන්ට අතදුන්නු ත්‍රිවීල් එකට ගෞරව...

අපේ පවුල ගොඩදැම්මෙ මෙයා”: උපාධිය ගත්තු දවසේ තමන්ට අතදුන්නු ත්‍රිවීල් එකට ගෞරව කළ අභිමානවත් තරුණයා!

0
55

 

ජීවිතය ජයගෙන උසස් තැනකට පැමිණි පසු තමන් ආපු මූලයන් සහ තමන්ට ශක්තියක් වූ දේවල් අමතක නොකරන නිහතමානී මිනිසුන් තවමත් අපේ සමාජයේ සිටින බව පෙන්වන අපූරු පුවතක් කොළඹ BMICH පරිශ්‍රයෙන් වාර්තා වනවා.

සාමාන්‍යයෙන් උපාධිය ලබාගන්නා දිනට බොහෝ දෙනෙකු ඡායාරූප ගන්නේ සුඛෝපභෝගී වාහන අසල හෝ BMICH හි මල් වතු මැද වුවත්, තරුණයෙකු සිය උපාධි ප්‍රදානෝත්සව දිනයේදී ඡායාරූපයකට පෙනී සිටියේ තමන්ගේ පවුලට අයත් ත්‍රිරෝද රථය ඉදිරිපිටයි. තමන්ට අවුරුද්දක් තරම් කුඩා අවධියේදී පවුලට එකතු වූ මෙම ත්‍රිරෝද රථය, වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකර තිබෙනවා. ගල්, ගඩොල්, වැලි, පස් සහ සිමෙන්ති වැනි බර ඇදීමේ සිට පොල් ප්‍රවාහනය කිරීම මෙන්ම මිනිසුන් ප්‍රවාහනය කිරීම දක්වාත් පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නට මෙම වාහනය නිරන්තරයෙන් දායක වුණා.

“සරලවම කිව්වොත් අපේ පවුල ගොඩදැම්මෙ මෙයා…” යනුවෙන් පවසමින්, තමන් උපාධිධාරියෙකු වූ ඒ අභිමානවත් මොහොතේදී දෙමාපියන් සහ සහෝදරිය සමඟින් මෙම ත්‍රිරෝද රථයටද ගෞරවය ලබාදීමට ඔහු කටයුතු කළා. ශ්‍රී ලංකාවේ පහළ සහ මධ්‍යම පාන්තික පවුල් රැසක ජීවනාලිය මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සවිමත් කිරීමට ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය විශාල පිටුවහලක් වන අතර, තමන් පැමිණි දුෂ්කර අතීතය සහ දහඩිය මතකය අමතක නොකරන මෙවැනි මිනිසුන් මුළු සමාජයටම ලබාදෙන්නේ අසමසම ආදර්ශයක්.

 

Previous article2 වසරේ කුඩා අවධියේ සිටම දළදා පෙරහැරේ තම්මැට්ටම් වාදනයට එකතු වූ ඒ පුංචි පුතුන් දෙදෙනා කවුද?
Next articleලංකාවේ අලි ඉතිහාසය වෙනස් කරපු නිවුන් පැටවුන්ගේ 5 වෙනි උපන්දිනය: පින්නවලදී ලෑස්ති කරපු අපූරු කේක් එක මෙන්න!
error: Content is protected !!
Verified by MonsterInsights