ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක, ටෙලි නාට්‍ය ගැන කලකිරීමෙන් !!
”පටන් ගත්ත එක නෙමෙයි මැද තියෙන්නේ. මැද තියෙන එක නෙමෙයි අග තියෙන්නේ. එතකොට අර යකාගේ විමානේදී මට යකා වැහෙනවා.
ඔය දැන් නාලිකාවලින් කරන වැරැද්දක්නේ කොටස් 10ක් බලලා ටෙලි නාට්‍යයක් ගන්න එක. ඔන්න ඔතන තමයි වැරදිලා තියෙන්නේ. ඔය කොටස් 10ට තියෙන සල්ලි සේරම දාලා කරනවා. ඊට පස්සේ මැද ලොකු පරාසයක් කරන්නේ බොරු. කන්නත් නෑ, ඉන්නත් නෑ, වතුරත් නෑ. අග ටිකට චැනල් එකෙන් බණින කොට ඔන්න ආපහු ෂූට් කරනවා. ආයේ චරිත නැති වෙනවා. ආයෙ ලොකේෂන් මාරු වෙනවා. ඒ කියන්නේ චරිතවලට උන්හිටිතැන් නැති වෙනවා. මට ඊයේ පෙරේදා එහෙම වුණා. දැන් මට එක දිගටම චිත්‍රපට තියෙන හින්දා ටෙලි නාට්‍යවලට යොදන කාලය මහන්සිය අපරාදේ කියලා මම හිතුවා. මොකද ගොඩක් වෙලාවට බොරුවක්නේ කරන්නේ. හොඳ අධ්‍යක්ෂවරයෙක් හම්බවුණොත් එය එහෙම නොකර ඉඳීවි. අනෙක් අයට එහෙම කරන්න බැහැ.”
උපුටාගැනීම : මීවිත











