ගැරඩිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකින් පෙරළේ… ජීවිත නැති වූ ගණන තවත් ඉහලට.

0
42

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇත.

අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය පැවසීය.

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.

අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Previous articleට්‍රම්ප් මැදිහත් වෙයි. ඉන්දියාව සහ පකිස්තානය යලි සාමදාන වෙන්න එකඟ වෙයි
Next articleජනප්‍රිය රංගන ශිල්පිණි සේමිනි ඉද්දමල්ගොඩ ඇසෙන හද කම්පා කරවන ආරංචිය මෙන්න.