ට්‍රම්ප් මැදිහත් වෙයි. ඉන්දියාව සහ පකිස්තානය යලි සාමදාන වෙන්න එකඟ වෙයි

0
43

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සහ දිගු රාත්‍රියක සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බවය.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී ඇති බවත් මධ්‍යස්ථ ස්ථානය පුළුල් පරාසයක සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත්ය.

එමෙන්ම “සාමයේ මාවත තෝරා ගැනීමේදී අගමැති මෝදි සහ ෂරීෆ්ගේ ප්‍රඥාව, විචක්ෂණභාවය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව අපි ඔවුන්ට ප්‍රශංසා කරමු.” ලෙසත් ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබේ.

මේ අතර පාකිස්තාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් පවසන්නේ පාකිස්තානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වූ බවය.

එමෙන්ම මෙම සටන් විරාමය ඉන්දියාවද තහවුරු කර ඇති අතර ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ ඒ අනුව සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නවත්වන බවය.

එමෙන්ම පාකිස්තානයේ හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දවවල් ඉන්දියාව අමතා ඇති බවත් දෙපාර්ශ්වයේම සියලු ප්‍රහාර නතර කිරීමට එකඟ වූ බවත්ය.

Previous articleජාතික ඖෂධ නියාමක අධිකාරිය සහ විද්යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක මෘදුකාංග භාවිතා කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරකරණය නියෝග කරයි
Next articleගැරඩිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකින් පෙරළේ… ජීවිත නැති වූ ගණන තවත් ඉහලට.