සබරගමු සරසවියේ සිද්ධියට අදලා සිසුන් 4ක් පොලිස් අත්අඩංගුවට…

0
45

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අද (4) අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

අදාළ නවක වද සිදුවීම සම්බන්ධව පසුගිය 29වනදා සමනළවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 2වනදා සමනළවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

Previous articleරටක් ආදරේ කරන කසුන් මාදවී පවුල හැඩ කරන පුංචි දගකාරයා කෛලාෂ්ට එදත් සුවිශේෂි දිනයක්…
Next articleමිෂෙල් දිල්හාරා… හැමෝම ආදරේ කරන අහිංසකාවිය.. බලන්නකෝ එයාගේ පිං පාට…