Home දේශිය පුවත් නෝනා හරි ආසා­වෙන් ඔය ගම­නට එකතු වුණේ.. සතු­ටින් ගිය ගමන මෙහෙම කෙළ­වර...

නෝනා හරි ආසා­වෙන් ඔය ගම­නට එකතු වුණේ.. සතු­ටින් ගිය ගමන මෙහෙම කෙළ­වර වෙයි කියලා කවුද දෙයි­යනේ දන්නේ..” ඇගේ නික්ම‍යාම ඔවුන් කොහොම නම් වාවගන්න ඇතිද..?

0
83

 

මේ මාරක අනතුර තවමත් බොහෝ දෙනෙක්ගේ මතකයෙන් ගිලිහී නැතුව ඇති. මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධියෙන් පස්සේ ජීවිත වෙනස්වුණු තවත් පවුලක් ගැන කතාවක්..

අම්මා.. ගෙදරක මුල් තැන හිමිවෙන්නේ ඇයට.. ඒ අහිමි වුණු ජීවිතය ඔවුන්ට මොන තරම් සමීප ඇත්ද..?

ඒ අහිමි වුණු ජීවිතය ඔවුන්ට මොන තරම් සමීප ඇත්ද..? කුසුමාවතීගේ නික්මයාම නොසිතූ මොහොතක සිදුවුණත්, ඇයට ආදරය කරන මේ සමීපතමයින් කිව්වේ ඒ ගැන මෙන්න මෙහෙම කතාවක්..

බදුල්ල – මහි­යං­ගණ මාර්ගයේ දුන්හිඳ ප්‍රදේ­ශයේ දී සිදුවූ අන­තු­රින් අනු­රා­ධ­පුර, තඹු­ත්තේ­ගම පදිංචි තිදෙ­න­කුගේ ජීවිත අහිමි වූ අතර, බණ­ඩා­ර­වෙල, කුඹ­ල්වෙල භාවනා අස­පු­වට ගොස් ආපසු එන ගම­නේදී ඔවුහු මෙම අවා­ස­නා­වන්ත ඉර­ණ­මට ඔවුන් ගොදුරු වුණා..

මේ ඇසෙන්නේ බදුල්ල මහි­යං­ගණ මාර්ගයේ දුන්හිඳ ප්‍රදේ­ශ­යේදී සිදුවූ බස්රථ අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත් අනු­රා­ධ­පුර, තඹු­ත්තේ­ගම පහ­ළ­ගම, කුඩා­බි­ලි­බෑව පදිංචි තිදරු මවක වූ රත්නා­ය­කගේ කුසු­මා­වතී මහ­ත්මි­යගේ සැමියා වන පී. ජය­ති­ලක හැඬූ කඳු­ලින් කී කතාවයි..
මිය­ගිය කුසු­මා­වතී මහ­ත්මි­යගේ දේහය ඊයේ පෙර­ව­රුවේ ඇයගේ නිවෙ­සට රැගෙන විත් තිබුණා..

“නෝනා හරි ආසා­වෙන් ඔය ගම­නට එකතු වුණේ. එදා පාන්දර තුනට විතර කට්ටිය මෙහෙන් පිටත් වුණා. ඔක්කෝම කට්ටිය 35ක් විතර හිටියා. මම ඔය අස­පු­වට කලින් ගිහින් තියෙන නිසා මම යන්න බෑ කිව්වා. අපේ පුතයි, එයාගේ නෝනයි, ගමේ ඥාති එහෙම තමයි ඔය ගම­නට ගියේ. සතු­ටින් ගිය ගමන මෙහෙම කෙළ­වර වෙයි කියලා කවුද දෙයි­යනේ දන්නේ. වාහනේ ගෙනිච්චේ අපේම ඥාති­යෙක්. පොඩි වෙලා­ව­කට ඔය වාහනේ අර­ගෙන ගිහින් තියෙන්නේ ඩ්‍රැයි­වින් ලයි­ෂන් එකක් තියෙන අපේ ගමේම කෙනෙක්. දැන් ඉතිං මොනදේ වුණත් හැම­දේම සිද්ධ­වෙලා ඉව­රයි.”

මර­ණ­යටපත් කුසු­මා­වතී මහ­ත්මි­යගේ දිය­ණීය වන පී. සෙව්වන්දි මහ­ත්මිය මෙසේ පැව­සු­වා.

“මගේ අම්මත් කුඹ­ල්වල අස­පුව බලන්න ගියා. ඒ එන­කොට තමයි ඔය අන­තුර සිද්ධ වෙලා තියෙන්නේ. මගේ අයි­යත් ඔය ගමන ගියා. අයි­යා­ටත් තුවාල වෙලා. රෝහ­ල්ගත කරලා ඉන්නේ. අපේම අයි­යගේ දුව­කුත් නැති­වෙලා තියෙ­නවා එයත් ගියේ එයාගේ අම්මත් එක්ක තමයි. අපිට මේ කිසි දෙයක් වාව ගන්න බැහැ. අම්මත් නෑ අපේම දුව­කුත් නැති වුණා. මේ අන­තු­රෙන් ඒකයි ගොඩාක්ම දුක.”

Previous articleරටම කැළඹූ තවමත් හොයන ඉෂාරා සෙව්වන්දි ගැන දැන් ඇසෙන අලුත්ම කතාව මෙන්න
Next articleඑකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට , අභිරහසක් ඉතිරි කරමින් සමුගෙන ගිය ඔවුන් ගැන ඇසෙන දුක්බර කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights