Home දේශිය පුවත් “ආපහු දඹු­ල්ලෙන් බැහැලා රස්සා­වට යන්න තමයි එයා හිටියේ… ඒත් දැන් එයාට ගෙදර...

“ආපහු දඹු­ල්ලෙන් බැහැලා රස්සා­වට යන්න තමයි එයා හිටියේ… ඒත් දැන් එයාට ගෙදර එන්ඩ වෙලා තියෙන්නේ මේ විදි­හ­යට…” අහම්බෙන් බස් රථයට ගොඩවුණු ඔහු ගැන ඇසුණු ඒ ඛේදනීය පුවත මෙන්න.

0
101

 

ඇසූ ඇසූ­වන් “අනේ අපොයි” කියන්නේ මේ සිද්ධිය ඒ තරම්ම කම්පනයට පත්වන දෙයක් නිසායි.. මේ අන­තු­රින් මිය­ගිය පිරිස අතර ඔහුගේ කතාව ගොඩක් වෙනස් වූවක්..

බටු­වත්ත හන්දි­යේත්, තඹු­ත්තේ­ගම, පහ­ළ­ගම හන්දි­යේත් ඔවුන් නමින් එල්ලු ධවල පැහැ කොඩියෙන් ඒ ප්‍රදේශයම තවමත් ශෝක‍යෙන් ඇලලිලා ගිහින්.. දෛවෝපගත ලෙස ඔහු මේ වන්දනා ගම­නට එක්ව ඇත්තේ පවුලේ සියලුදෙනාද සමඟයි..

ඒත් අද.., ඔහු ඒ සියල්ලන් හඬවා නික්මගිහින්.. ඒ. ඩබ්ලිව්. ජය­තිස්ස, ඔහු වයස අවුරුදු 42ක දෙදරු පියෙක්..

ඔහු හම්බ­න්තොට ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ආය­ත­න­යක රිය සහා­ය­ක­යකු ලෙස රැකි­යාවේ නියු­තුව සිට ඇති අතර, ඔහු ගම­නට එක්ව ඇත්තේ අත­ර­ම­ඟ­දීයි.. සිය බිරිය සහ දරු­වන් දෙදෙනා කුඩා­බි­ලි­බෑව ගමේ සිට ඥාතීන් සමඟ ගම­නට එක්ව ඇති අතර, ඔවුන් එන අත­ර­ම­ඟදී ඔහු දඹුල්ල ප්‍රදේ­ශයේ දී බස­යට ගොඩවී තිබුණා..

මිය­ගිය ජය­තිස්ස මහ­තාගේ බාල සොහො­යුරු නාමල් ප්‍රියන්ත ඔහුගේ වියෝව ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

“අයියා වැඩ කරන්නේ හම්බ­න්තොට පැත්තේ ගෑස් කම්පැණි එකක. එයාගේ රූට් එක වැටිලා තියෙන්නේ දඹු­ල්ලට එන­කන්. දඹු­ල්ලට ඇවිල්ලා එයා සම­හර දව­ස්ව­ලට ගෙදර ඇවිල්ලා යනවා. එදා ගමේ කට්ටිය වන්ද­නාවේ යනවා කියන ආරං­චි­යට තමයි එයත් දඹු­ල්ලට ඇවිල්ලා බස් එකට ගොඩ­වෙලා තියෙන්නේ. එයාගේ නෝනයි, ළමයි දෙන්නයි මෙහේ ඉඳලා ගියා. එන ගම­නේදී ආපහු දඹු­ල්ලෙන් බැහැලා රස්සා­වට යන්න තමයි එයා හිටියේ. ඒත් දැන් එයාට ගෙදර එන්ඩ වෙලා තියෙන්නේ මේ විදි­හ­යට. මට හිතෙන්නේ අන­තුර වෙන වෙලාවේ එයා දොර ළඟ ඉඳලා තියෙන්නේ.”

මේ අන­තුර අනු­රා­ධ­පුර, තඹු­ත්තේ­ගම, තලාව ප්‍රදේ­ශ­වල අයගේ හද­වත් ශෝක­යෙන් පිරී යන්නට වූයේ මේ ඇසෙන කතාවලින් සියල්ලන්ගේම නෙත් කඳුලින්ම තෙත් කරමින්..

Previous articleසංජේ කපූර්ගේ අභාවයෙන් පසු කරිෂ්මා කපූර්ට ලැබෙන හිතාගන්නවත් බැරි දේවල් මෙන්න
Next articleරටේම ආදරේ එක්ක අවසන් ගමන් ගිය කළු ව බලාගත්තු ඔහු ගැන ඇසෙන ඔහු ගැන ඇසෙන ඔබ නොදත් කතාව
error: Content is protected !!
Verified by MonsterInsights