Home දේශිය පුවත් මා ජීවත්කර සතුට ගෙනා වූ… ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා…!! – ඇය...

මා ජීවත්කර සතුට ගෙනා වූ… ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා…!! – ඇය සිටිනා ඉසව්වටම නික්ම ගිය ඔහුගේ හදිසි වියෝව බුකියම කඳුළු ගඟක ගිල්ලවයි

0
70

 

ජීවත් වෙනකොට අමාරුම දේ දන්නවද ? අපි ආසම කරන, අපේ සමීපයෙන් ඉන්න බැඳීම්වලට සමුදෙන එක… ඒක තමයි අමාරුම…

ඒ අයට අත වනන එක… යන්න කියන එක.. හිත හදාගන්න එක…

මොකද කරන්නෙ..? නවතින්න බෑනේ ! යන්න වෙනවනේ..! ජීවිතේ එහෙමයි.. ලැබීම්…. නොලැබීම්…… ඒ හැමදේම එක්ක විඳීම්… විඳවීම්…

ඔහුන් හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව වින්ඳ..

ඒත් මීට වසර කිහිපයකට පෙර පිළිකාවකට ගොදුරු වුණු ඇය ඔහු තනිකර අවසන් ගමන් යන්නේ ජීවිතයේ අනියත බව පසක් කර දෙමින්…

තම ආදරණීය බිරිඳ සුව කර ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවුණු ඒ ආදරණීය සැමියාත් අද නොසිතූ ලෙස, ඇය වෙත ගොස් තියෙන්නේ මුහුණු පොතම සංවේදී කරමින්…

කවදාවත් ඔහු නොදැකපු, ඔහු එක්ක කතා නොකරපු බොහෝ දෙනෙක් ඔහු ගැන, සංවේදී සටහන් තබා තිබුණා…

ලාභ අපේක්ෂාවෙන් ම පමණක් බැඳීම් රැක ගන්නට උත්සාහ කරන අවධියක ,කිසිදු ලාභයක් අපේක්ෂා නොකොට, ඇය ජීවත් වන කෙටි කාලය තුළදී මෙලොව සුර ලොවක් කිරීමට ඇප කැප වෙමින් ඇයට සවියක් වූ , ඔහු සැබවින්ම උතුම් පරමාදර්ශී මිනිසෙක්…

මේ ඇයගේ වියෝවෙන් පසු ඔහු මුහුණු පොතට එක්කර තිබුණු සටහන් කිහිපයක්…

Asela Chanaka Rajapaksa ඔබට නිවන් සුව ලැබේවා!

Previous articleවල්ගා තරුවක් වගේ දිලිසෙන වොල්ගාගේ ලස්සන දැක්කද ?
Next articleමේ දවස්වල රටක් කතා කරන ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
error: Content is protected !!
Verified by MonsterInsights