Home දේශිය පුවත් දිවයිනට පැමිණි ලොවක් බැබලූ රිවස්ටන් කන්ඩායම ගැන ඇසෙන කතාව මෙන්න

දිවයිනට පැමිණි ලොවක් බැබලූ රිවස්ටන් කන්ඩායම ගැන ඇසෙන කතාව මෙන්න

0
74

චීනයේ පැවති, 27 වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Shanghai International Film Festival – SIFF ) සම්මානයට පාත්‍ර වුණු ‘රිවස්ටන්’ චිත්‍රපටයේ කලාකරුවන් දිවයිනට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙන්ම ක්ෂේත්‍රයේ කලාකරුවන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි‍යා.
ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, ‘රිවස්ටන්’ මෙලෙස සම්මානයට පාත්‍ර වූයේ හොඳම තිර රචනය සහ හොඳම කැමරාකරණය සඳහායි.
එහිදී හොඳම තිර රචනය සඳහා ලලිත් රත්නායක ද හොඳම කැමරාකරණය සඳහා ප්‍රභාත් රොෂාන් ද සම්මාන දිනාගත්තා.
මෙම චිත්‍රපට උළෙලේ සම්මාන ද්විත්වයක් හිමිකර ගත් එකම චිත්‍රපටය වූයේ ද ‘රිවස්ටන්’ වීම විශේෂයි.
‘රිවස්ටන්’ Cine Arts ෆිල්ම්ස් නිෂ්පාදනයකි.
ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසකගෙන් හැඩවුණු රිවස්ටන්, ළඟදීම මෙරට තුළ තිරගත වීමට නියමිතයි.

Channel E

Previous article‘තව ටික කාලෙකින් මම හේතුව කියන්නම්. අරමුණ මොකක් වුණත් ඒකෙන් මගේ චරිතයට බලපෑමක් වෙන්නෙ නෑ” | ඉසුරු – දේශානි කතාව ප්‍රමෝෂන් පබ්ලිසිටියක් ද ??
Next articleබොලිවුඩ් රජු ‘ කිං ඛාන්’ ට එදා සුවිශේෂී දවසක්..
error: Content is protected !!
Verified by MonsterInsights