Home දේශිය පුවත් නි.ඇමති මහින්ද ටීචර් අම්මාට සම්මාන දෙන්න ප්‍රතික්ෂේප කරේ ඇයි ?

නි.ඇමති මහින්ද ටීචර් අම්මාට සම්මාන දෙන්න ප්‍රතික්ෂේප කරේ ඇයි ?

0
84

deputy-minister-mahinda-refuses-to-give-award-to-hayeshika-video
පසුගියදා පැවති ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් නමැති සම්මාන උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඔහුව වේදිකාවට කැඳවා සම්මාන පිරිනැමීම් සිදුකරමින් තිබුණ අවස්ථාවේ ‘හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය’ නමැති සම්මානය ලබාදීමට නම් කෙරුණ හයේෂිකා ප්‍රනාන්දුට අදාළ කුසලානය ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ඔහු වෙනුවට ඒ ආසන්නයේ සිටි වෙනත් කෙනෙකු සම්මානය පිරිනමන ලදි.

තරුණයෙකුගේ වෘෂණ කෝෂ වලට ප්‍රහාර එල්ල කිරීම හා සැඟවී සිටීම ඇතුළු පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් කිහිපයක් නිසාම ප්‍රසිද්ධියට පත්ව සිටින හයේෂිකා ප්‍රනාන්දුට මෙම සම්මාන උළෙලේ ජනප්‍රියම ගුරුවරිය යයි තවත් සම්මානයක්ද පිරිනැමුණ අතර එම සම්මානය ගැටලුවකින් තොරව පිරිනැමුනේ එම අවස්ථාවේ වේදිකාවේ සිටි සුදත් රෝහණ මහතා අතිනි.

මෙම ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේදී නිශ්චිත ක්ෂෙත්‍රයකට සීමා නොවී සියලුම ආකාරයේ ක්ෂෙත්‍ර සඳහා සම්මාන විශාල ප්‍රමාණයක් පිරිනමා තිබුණි.

සම්මානය ලබාගැනීමට නියෝජ්‍ය ඇමතිවරයා වෙත හයේෂිකා ප්‍රනාන්දු පැමිනි අවස්ථාවේ වීඩියෝව පහතින්,

 

Previous articleගව් ගානක දුක කියන්න.. තාත්තාව ගෙනත් දෙන්න..” ආදරණීය දුවෙකගේ අහිංසක ආයාචනයක්..
Next articleමේ දවස්වල මුලු රටක්ම කතා කරන එයාලා.. ඉසුරු – දේශානියි මාරම මැචින් නේද ? ආදරෙන් පිරුණු එයාලගේ ලස්සන බලන්නකෝ..
error: Content is protected !!
Verified by MonsterInsights