Home දේශිය පුවත් වල්ගමගේ සර්ගෙන්, එක ගුටියක් කාපු නැති එකම එකා මම…” දිනිතිගේ මේ ආදරණීය...

වල්ගමගේ සර්ගෙන්, එක ගුටියක් කාපු නැති එකම එකා මම…” දිනිතිගේ මේ ආදරණීය සටහන කාටද..

0
85

ඒ කාලේ ඇය හරි දඟකාර, විසේකාර දියණියක් වෙන්න ඇති.. ඒත් ඉතින් තාත්තාගේ තරවටුව නම් ඇයට ලැබුණු ආදරයක් විදිහට..

කවුරුත් ආදරය කරන දිනිති වල්ගම අද කාලෙකට පස්සේ ටිකක් වෙනස් විදිහක සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

ඒ ඇගේ ආදරණීය පියාගේ ජන්මදිනය වෙනුවෙන්.. මේ අන්න ඒ වෙනුවෙන් දිනිති ලියූ සටහනයි..

අපේ ගෙදර වාසනාවන්තම එකා මම

නහයට අහන්නේ නැති කොල්ලො දාහකට දෙදාහකට ලෝබ නැතුව අත පුරෝලා ගුටි දීපු වල්ගමගේ සර්ගෙන්,
එක ගුටියක් කාපු නැති එකම එකා මම.

ඇයි මට ගැහුවෙ නැත්තෙ කියලා අහපු හැම වෙලාවෙම එයා කිව්වෙ, “ඔයා දිහා වැරදියට ඇහැක් ඇරලා බලන එකෙක්ගෙ ඇස් දෙක ගලවන්න හිතෙද්දී, මම ඔයාට අත ඉස්සුවොත් මට මගේ අත කපා ගන්න හිතෙයි මගෙ පුතේ”

දුවෙක් ඉන්න ඕනම තාත්තා කෙනෙක්ට දෙන්න තියෙන්නෙ ඔය උත්තරේ තමයි.

සුභඋපන් දිනයක් තාත්තා

මීට,
වල්ගමගේ සර්ගෙ දුව

ප.ලි. ඒකටත් එක්ක අම්මාගෙන් නම් කාලා ඇති,
අතට අහුවෙන ඕනෑම දෙයක් යුධ අවියක් කර ගැනීමේ මහඟු බලයක් අපෙ අම්මා සතුයි. ඉලක්කෙට පහර දීම කියලා game එකක් තිබුනනම් අපෙ අම්මාගෙන් olympic gold medal එකක් sure.

Previous articleගෙදරටම ගිහින් ඉෂාක් බෙග්ව මුණගැසුනු රොෂාන් ගැන ඇසෙන ඒ කතාව මෙන්න
Next articleරටක්ම ආදරේ කරන ගායන ශිල්පී ඉශාක් බෙග් වෙනුවෙන් ජනාධිපති අනුර ගත් උතුම් තීරණය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights