මිත්‍රවරුනි ඔබ හිතන විදිහට ලංකාවේ මේ වෙනකොට වේදිකාගත වන වේදිකා නාට්‍යයක මිල කීයක් කියලද ඔබ හිතන්නේ.
විශ්වාස කරන්න එක් ගායකයෙකු ගීත පහක් ගායනා කරන්න ගන්න මුදලටත් වඩා අඩු මුදලකට තමයි වේදිකා නාට්‍යය රඟ දැක්වෙන්නේ.
ඒ සුළු මුදලත් රංගන ශිල්පීන් ඇතුළු නාට්‍ය කණ්ඩායමේ සියලුම ශිල්පීන් අතර බෙදෙනවා.
නාට්‍ය කණ්ඩායමක සාමාන්‍යයෙන් ශිල්පීන් 20- 25ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා.
එතකොට ඔබට හිතාගන්න පුළුවන්ද එක් ශිල්පියෙකුට ලැබෙන මුදල මොන වගේ මුදලක්ද කියලා.
පැය 24කට ආසන්න කාලයක් ටකරන් බස් එකක ලංකාවේ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් වේදිකා නාට්‍ය රඟ දක්වන වේදිකා නාට්‍යය ශිල්පීන් මොනතරම් කැප කිරීමක් මේ කලාව වෙනුවෙන් කරනවද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද.
එම දුෂ්කරතාවයන් විඳගෙන වේදිකා නාට්‍ය වෙනුවෙන් කැප කිරීම් කරමින් මෙම කලාව ඉදිරියට රැගෙන යන්න කැපවෙන ශිල්පීන් විශාල ප්‍රමාණයක් තවමත් ලංකාවේ සිටින බව ඔබ දන්නවා.
වේදිකා නාට්‍ය වෙනුවෙන් ඉතාමත් හොඳ කාලයක් නිර්මාණය වී තිබෙන මෙම කාල වකවානුව තුල කොළඹින් පිට පළාත්වලට හැම සති අන්තයකම නාට්‍ය බස් 15 ක් 20 පිටත් වනවා.ඒ වගේම ඒ නාට්‍ය නරඹන්න හොඳ ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලත් තිබෙනවා.
ලංකාවේ වේදිකා නාට්‍ය කලාව විනෝද බද්දෙන් පවා නිදහස් බව ඇතැමුන් නොදන්නා කරුණක්.ඔබ නාට්‍යයක් සංවිධානය කරන්නේ නම් එම විනෝද බද්දේ වාසියද ඔබට ලැබෙනු ඇත.
ඔබ හෝ ඔබ සංවිධානය මගින් යම්කිසි කලා නිර්මාණයක් සංවිධානය කිරීමට පෙළඹෙන්නේ නම් ඒ සඳහා වේදිකා නාට්‍යයක් වඩා යෝග්‍ය බව මම යෝජනා කරනවා.
ස්තුතියි.
– ආස.