Home දේශිය පුවත් “මේ හාන්සි පුටුවෙ වාඩි වෙලා එයා, සීගිරිය දිහා බලාගෙන ඉන්නවාලු…” රහස් රැසක්...

“මේ හාන්සි පුටුවෙ වාඩි වෙලා එයා, සීගිරිය දිහා බලාගෙන ඉන්නවාලු…” රහස් රැසක් සඟවාගත්, ඒ පොල් අතු බංගලාව ගැන ඔබ නොඇසූ කතාව මෙන්න

0
64

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සිය මුහුණු පොතට අපුරු සටහනක් එක්කර තිබෙනවා.

ඒ අපේ ඉතිහාසය ලොවට ගෙන ගිය ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙක් වූ සෙනරත් පරණවිතාන සූරීන් සීගිරිය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට නතරව සිටි ස්ථානය පිළිබඳවයි…

“සීගිරිය තරම් ම උස මිනිහෙක්

මුළු දවසක් සීගිරියේ ඉඳලා අපි ගොංමං අඳුරේ ම පිට වුණා.

සීගිරිය. එහෙම තැනක් මට ලෝකෙ ආයෙ නෑ.

දහසක් මතක අතරේ ඔබට ඔන්න පින්තූර කීපයක්. මේ තමයි සෙනරත් පරණවිතාන සූරීන් නතර ව සිටි නවාතැන. මේ හාන්සි පුටුවෙ එයා වාඩි වෙලා සීගිරිය දිහා බලා ඉන්නවාලු.

එතනට සීගිරිය පෙනෙන හැටි තමයි මේ. එයා පාවිච්චි කළ යකඩ වියන් ඇඳ ගේ ඇතුළෙ තියෙනවා.

පරණවිතාන.සීගිරිය තරම් ම උස මිනිහෙක්.”

Previous article“ලස්සන ලෝකයක් හදන්න, කාලයට අභියෝග කරන්න, ඉතුරු වෙච්ච පුංචිම පුංචි ජීවයත් ඇති…” – ඔහු වෙනුවෙන් ඇය තැබූ ආදරණීය සටහන…
Next articleඋපන් රටට නොමැකෙන සේවයක් කල ඇයත් සදහටම ඇස් දෙක පියාගෙන… ඒ ඇසෙන සංවේදී කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights