ඇය මේ ලෝකයේ වාසනාවන්තම කාන්තාව, ඒ විතරක් නෙවෙයි, පුංචි පුතා නිසා දැන් ඇය වාසනාවන්ත මවක්..
මේ කියන්න යන්නේ කවුරු ගැනද..?
මුතූ තරංගා.. අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කලාකාරිණියක්..
ඇගේ පුංචි පුතාගේ උපන්දිනය අද දවසට යෙදිලා තියනවා.. පුංචි මැණිකගේ 4වැනි උපන්දිනය වෙනුවෙන් ඇය මෙන්න මේ වගේ ආදරණීය සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..
මේ බලන්නකෝ ආදරණීය පුංචි පුතා වෙනුවෙන් ඇය එක්කරලා තිබුණු සටහන..
“අදට ඔයාට අවුරුදු 4යි,
අපේ ජිවිතේ ලස්සන කරන්න ආව අපේ සිහින කුමාරයා…
අපි ඔයාට දෙන ආදරේට වඩා ඔයගාව අපිට මොන තරම් ආදරයක් තියෙනවද කියලා ඔයා අපිට පෙන්නනවා මගේ රත්තරන් පුතේ,
අම්මවත් අප්පච්චි වත් දුකින් ඉන්නවා දැක්කොත් අපිව හිනස්සන්න හරිම දක්ෂයි,
මිනිස්සුන්ට, සත්තුන්ට, ගහකොළට ආදරේ පුතෙක් හදන්න අපිට ඕනේ පුතේ,ලෝකෙට හොද මනුස්සයෙක් වෙන්න මගේ රත්තරන් පුතේ,
ඔයාගේ ජිවිතේ ලස්සන දැකල මැරෙන්න මේ අම්මට යි අප්පච්චිට යි ආයුෂ දෙන්න දෙවියනේ…
සුබ උපන්දිනයක් අපේ සුදු පුතා..”
















