Home දේශිය පුවත් අප්පච්චි මරණ මංචකේ ඉද්දි බාප්පට ලොකු ගාණක් දීලා, අප්පච්චිට අපහාස වෙන විදිහෙ...

අප්පච්චි මරණ මංචකේ ඉද්දි බාප්පට ලොකු ගාණක් දීලා, අප්පච්චිට අපහාස වෙන විදිහෙ නාට්‍යයක ‍රඟපාන්න කතා කරා ලු…” – මාධවී සහ කසුන් මුහුණු පොතට එක්කළ ආන්දෝලනාත්මක සටහන මෙන්න

0
102

 

කසුන් – මාධවී කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරු යුවළක්..

ඉතින් මාධවී කසුන් දෙන්න මුහුණු පොතට එක්කළ සටහනක් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්වෙනවා.

සිය සටහනෙන් මාධවී ඉස්මතු කර තිබුණේ ජැක්සන් ඇන්තනී මහත්මයාට අපහාස වන අන්දමින්, සුදත් ඇන්තනී හට නාට්‍යයක රඟපාන්න අධ්‍යක්ෂවරයෙක්ගෙන් ලැබුණු ආරාධනාවක් ගැන.

ඉතින් මේ තියෙන්නේ ඒ සටහන් දෙක….

“ඇන්තනිලෑ මයෙ මුල්ම යහළුවා තමයි මේං මේ ඉන්නෙ. සෑහෙන කාලෙකට ඉස්සර ඉඳන් අපි එකට නිර්මාණ කළා, කෑවා බීවා, රෝන්දෙ ගියා, ජීවිතේ රසමුසුතැන් බෝමාසාවෙන් බෙදාහදා ගත්තා. කොටින්ම කියනවනං Madhavee පවා හාහාපුරා කියලා මං ගැන හැඳුනුම් ටීකා ටිප්පණී දැනගෙන තිබුණෙත් මෙයැයිගෙන් තමා. ඒ තරං විශ්වාසා පරමා නෑයා.
‘උඹ මේ ලියන කියනේවා තොට කොහෙන් එන අදහස් ද කොල්ලො ‘ කියලා හම්බෙච්චි මුල්ම දවසෙම මෙයැයි හරී ආදරෙන් තාත්තෙක් සේ මාව බදාගත්තා. එදා ඉඳන් මෙයැයිට මාත් ලව් තාත්තෙක්ට වාගෙ. ආං ඒ තාත්තාමය පෙම පස්සෙන් පහු නෑකමට මට බාප්පා වුණා නෙව.
ඒත් ඉතිං අපේ නේක සැට්වීම් වලදි මෙයැයිට මං අයියත් කියනවා, ඉඳහිට බාප්පත් කියනවා. ආතල්ම වැඩේ මෙයැයි මට මල්ලිත් කියනවා. ආදරේ වැගිරිලා දෙගොඩ තලා ඉතිරිලා යන්ට රසවිතක් හෙම සප්පායං වෙච්චි කලෙක මා අමතා කට පුරාම ‘පුතේ’ කියනවා. ඒක පට්ට ලව්.
ෂූටිං ගියාම සෙට් එකේ ඉද්දි, ටෙලිවිෂනයෙ පේද්දි, කඩවත අවට එළිපහළියෙ යද්දි එද්දි කාටහරි හමුවුණොත් මෙයැයිගෙන් ඉතා ලස්සන පෞරුෂයක් පේනවා. ඒක කෙනෙක්ට රළුයි කියන්ටත් පුළුවන්. මරුයි කියන්ටත් පුළුවන්. වටිනාම කෙනෙක්ව මතක් කරවනසුළුයි කියන්ටත් පුළුවන්. කොහොම වුණත් මං මේ කියන්න හැදුවෙ ඒ ගැන නෙමෙයි. මෙයැයිගෙ ඔය පිටත පේන දස පෙනුමට වඩා නියම පෙනුම තියෙන්නෙ මෙයැයි ඇතුළෙ. ඒක පේන් නෑ. කැමරාවට අහුවෙන් නෑ. මේ ඒ ගැන.
මාධවීලෑ අප්පච්චි මරණ මංචකේ ඉද්දි ඒ සප්‍රමාණ මනුස්සයගෙ අප්‍රමාණ සංචාර ගියපු දෙපා බදා වැද හොවා පොඩි එකෙක් හේ මෙයැයි වැළපෙනවා මං බලාගෙන. පාන්දර රෝහල් කොරිඩෝවෙ අයින් කෙලෝරකට වෙලා සොටු පෙරාන මෙයැයි තනියෙං කියවනවා මං බලාගෙන. උරපතේ අත තියලා ‘දුමක් දාමු’ කියල එළියට ඇදන් ගියාමත් දුං ගුලාව උර උරා මෙයැයි ඉකිලනවා මං බලාගෙන. මරණ ගෙයි විතරක් නෙමෙයි අදටත් අපේ හමුවීම් පුරාවට ‘ජැක්සන්’ නාමය මතුවෙන්නෙ කොතනද මෙයැයි කඳුළු පුරෝගන්නවා මං බලාගෙන.
ආං එහෙව් සංවේදී මෙයැයිට ඉතා ඉක්මනින් හිත රිදෙනවා. ඉතා ඉක්මනින් දුක හිතෙනවා. ඉතා ඉක්මනින් වේදනාව දැනෙනවා. පොඩි එකෙක් වගේ වෙලාවකට බොරුවට තරහ වෙලා වාගෙ ඉන්නවා. මෙයැයි අපෙහෙලෑ එනෝ කියද්දි මං මාධවීට කියන්නෙ ‘මරු මරු නත්තල් සීයා එනවා’ කියලා. මෙයැයි පැමිණෙද්දි සියලු අඩුමකුඩුම අංශ අතින් කටින් අරං උස්සං දුවන් එන්නෙ. පිනි මුවෝ විතරමයි නැත්තෙ.
හිටපු ගමන් මෙයැයි සද්දයක් බද්දයක් නැතිකොට මං හෝ ඇඹේණි ‘එන් නැද්ද මෙහෙ’ කියලා අහනවා. එතකොට මෙයැයි ‘මේ ටිකේ පොඩ්ඩක් කෙළවිලා ඉන්නෙ. ඉක්මනින් එන්නංකො’ කියනවා. ඒ නත්තල් සීයගෙ පසුම්බියෙ හිමකැට හිඟ කාලෙ කියලා අනේ ඉතිං අපි දැනගන්නවා.
‘මුකුත් ඕං නැහැ. ඔයා එන්ට’ කීවට කරත්‍තෙ පුරෝගන්ටකල් නත්තල් සීයා එන් නෑ. ටික දවසක් ගිහිං තෑගි හොයාගත්තු මුල්ම මොහොතෙ මේං මෙයැයි හර්කියුලිස් වාගෙ එන්නෙ. ආදරෙන්. හරි ආඩම්බරෙන්.
පිටිං පේන බාප්පටයි, තාත්තාමය අයියටයි වඩා මං නං ආසම මෙයැයි ඇතුළෙ හුස්ම ගන්න ඕං ඔය කීව ‘දිව්‍යමය’ පොඩි එකාට.
තාත්තලා ආදරේ පෙන්නන් නෑනෙ. හංගන්නෙ ඉන්නෙ. ඉතිං මෙයැයි එහෙම්ම තමා. ඒත් පුතාලා ආදරේ පෙන්නන්ට දන්නවා. ඒකයි මේක ලීවෙ. ඒ ගැන මං උගත්තෙ මේ දිනවල ඉන්ද්‍රජාලික හුරතල් පාන මයෙ කෛලාෂ් පුතාගෙන්.
මේං බලන්ටකො මයෙ පොඩි එකයි – හදවතින්ම පොඩි එහෙකුයි එකට ඉන්ට ලස්සන. හදවතින් පොඩි එකා නෑකමට මයෙ එකාට සීයා වෙච්චි.
මයෙ එකාවයි – බොලා තුළ ඉන්න පොඩි එකාවයි දිවි ඇතිතුරා පරිස්සං කොරගනිං මයෙ අයියෙ……බාප්පෙ…..පොඩි එකෝ !
| කසුන් මහේන්ද්‍ර හීනටිගල

“ඉස්සර අපි පොඩි කාලෙ ඇත්තටම නත්තල් පප්පා දාත් බාප්පා තමයි. ඉතාලියෙ ඉඳලා නානාවිධ තෑගි බෝග අරන් තමයි එයා එන්නෙ. මං පාවිච්චි කරපු මුල්ම කැමරා ෆෝන් 2ම මට අරන් එව්වෙ දාත් බාප්පා. එයා ඇත්තටම අප්පච්චිට ආදරෙයි. අප්පච්චිත් එහෙමයි. ඒ සහෝදර බැඳීමෙ හොඳකමට වගකියන්න ඕනෙ අපෙ සීයාතාත්තා සහ ආච්චිඅම්මා! දාත් බාප්පා අසනීප වෙද්දි අප්පච්චි අපේ පුංචි ගෙදර අර එයාගෙ මරණෙ තිබ්බ සාලෙ කාමරයක් කරලා, බාප්පාව බලාගන්න කෙනෙක් තියලා බලාගත්තා. ඒ වගේම අප්පච්චි මරණ මංචකේ ඉද්දි ලංකාවෙ “හොඳ යැයි සම්මත” අධ්‍යක්ෂකවරයෙක් සහ අප්පච්චිගෙ සමකාලීන මිත්‍ර “ලොකු අයියෙක්” දාත් බාප්පට “ලොකු ගානක්” දීලා අප්පච්චිට අපහාස වෙන විදිහෙ නාට්ටියක් ‍රඟපාන්න කතා කරා ලු. සල්ලි දමලා ගහලා එයා ආවලු. ඇවිත් හරිම හිතේ අමාරුවෙන් මං එක්කලා කියලා ආන්න අරහෙම ඇඬුවා ඒ පොඩි එකා. ඒ සහෝදර බැඳීමට මං හරි ලෝබයි.”

Previous articleලගදි කරකාර බැන්දා කියලා මුලු රටම දැනගත්තු එයාලා මෙන්න මව්පියන් වෙලා… සුබපැතුම් ! තිසර – නිශී ආදරණීය යුවලට
Next articleඇය නම් තවමත් එදා වගේම ලස්සන කෙලි පැටික්කියක්.. වයසට නොයන නිල්මිණි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
error: Content is protected !!
Verified by MonsterInsights