භාතියගේ අද තත්වය (2025/07/08)
පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුලු කණ්ඩායම අද 03 වැනි දිනටත් ප්‍රතිකාර සිදු කලා.රුධිර සාම්පලවල වාර්තා අනුව ඇතාගේ පෝෂණ මට්ටමේ ඌනතා පැවතියා.ඒ අනුව පසුගිය දින දෙකේ මෙන්ම අදත් පෝෂණ සංඝටක ඇතුළත් ඖෂධ ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.එමෙන්ම ශරීරයේ ඇති තුවාල කීපයද සැලකිල්ලට ගෙන ප්‍රතිජීවක ඖෂධද අදත් ලබා දී තිබෙණවා.පසුගිය දින කිහිපයට සාපේක්ෂව භාතිය හස්තියා යම් ක්‍රියාකාරී මට්ටමක් පෙන්නුම් කරන බවයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා අප කළ විම්සීමකදී කියා සිටියේ.හිස සහ පාදද පසුගිය දිනවලට වඩා චලනය කිරීමට ඇතා උත්සහා කර තිබෙනවා.හස්තියා හොඩයෙන් ශරීරයට ජලයද යම් ප්‍රමාණයක් ඉසගෙන ඇති අතර එය හොද ප්‍රවනතාවක් බවයි පශු වෛද්‍යවරයා කියා සිටියේ.අදත් රුධිර සාම්පලයක් ලබාගෙන සෞඛ්‍ය තත්ත්වයේ යම් වර්ධනයක් පෙන්නුම් කරනවාද යන්න නිරීක්ෂණය කරන බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළා.මහව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ රාත්‍රී එම ස්ථානයේ රැඳී සිටිමින් ආහාර ලබා දී තිබෙනවා.හස්තියා ඊයේ රාත්‍රී හොදින් ආහාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උපුටාගැනීම
මාධ්‍යවේදී අසංක නිලගරත්න










