Home දේශිය පුවත් රෝගය වඩා උත්සන්න වීමට පෙර ප්‍රතිකාර ගැනීමට වගබලා ගන්න.. හිතනවාට වඩා දරුණු...

රෝගය වඩා උත්සන්න වීමට පෙර ප්‍රතිකාර ගැනීමට වගබලා ගන්න.. හිතනවාට වඩා දරුණු ගැස්ට්‍රයිටීස් ගැන ඇසෙන කතාව මෙන්න..

0
74

 

මෙම රෝගය පිළිබඳව නොසලකා හැරීම තම ජීවිතය දරුණු රෝගී තත්ත්වයකට අතවැනීමක් බව ඔව සමහරවිට හිතන්නේ නැතුව ඇති..

ගැස්ට්‍රයිටීස් රෝගයෙන් බොහෝ දෙනෙක් පීඩා වින්දද ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ ඉතා සුළු පිරිසක්… ගැස්ට්‍රයිටීස් රෝගය යනු, උදරයේ ඇති වන රෝගී තත්ත්වයක් වන අතර මෙයින් අද බොහෝ දෙනා පීඩා විඳිනවා..

ගැස්ට්‍රයිටීස් ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය බෝනොවන රෝගී කාණ්ඩයට අයත් වෙනවා… පුද්ගලයාගේ ආමාශයේ හෝ බඩවැල් කොටසෙහි අධික ආම්ලිකතාවයක් ඇතිවීම හේතුවෙන් උදර කොටසෙහි තුවාල හටගැනීම සිදුවනවා…

මෙම රෝගය ඇතිවීමට බොහෝ හේතු බලපාන අතර එයින් මූලිකම හේතුව වන්නේ නිසි වෙලාවට ආහාර නොගැනීමයි.. ඊට අමතරව, ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම, වේලාව අවේලාව නොබලා ආහාර ගැනීම, සුළුවෙන් ඇතිවන අජීරණ තත්ත්ව, ආමාශයේ හයිඩ්‍රොක්ලොරික් අම්ලය හා ආහාර පල්වීම නිසා ද ගැස්ටි්‍රක් ඇතිවිය හැකියි… එම කාරණාවන්ට අමතරව මෙම රෝගය ඇතිවිය හැකි හේතු කාරණා ලෙස නීරක්තිය, පිත ආපසු ගමන් කිරීම, කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර ගැනීම, අධික ලෙස තෙල් – මිරිස් භාවිතය, දිගු කාලීනමය ඖෂධ භාවිතය, අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම, මානසික ප්‍රතිශක්තිකරණයේ දුර්වලතා ආදී කාරණා දැක්විය හැකියි..

මෙම රෝගයේ, රෝග ලක්ෂණ ලෙස එම රෝගයටම පොදු වූ රෝග ලක්ෂණ දක්නට නැහැ… පොදුවේ ගත් කළ මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස වමනය, ඔක්කාරය, බඩපුරවා දැමීම, උගුරට ඒම, බඩ දැවිල්ල, පපුවේ දැවිල්ල, උදරය හා පපුව අතර කොටසේ වේදනාව, කෑම අරුචිය, නිතර නිතර කුසගිනි දැනීම, ආහාර ගත් විගස වැසිකිළි යෑමට සිදුවීම යනාදිය සඳහන් කළ හැකියි..

මෙම රෝගය දරුණු විට උදරයේ අධික වේදනාවක් ඇතිවන අතර මලපහ සමග රුධිරය පිටවීම ද සිදුවෙනවා.. තවද රතු පාටට හෝ කළු පැහැයට වමනය යෑම ද සිදුවන අතර රාත්‍රී කාලයේ නින්ද නොයෑම ද සිදුවිය හැකියි.. එසේම ගැස්ට්‍රයිටීස් හා හෘදයාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගත යුතු වෙනවා..

මෙම ගැස්ට්‍රයිටීස් රෝගය ඔබටම වළකා ගැනීමට පුළුවන. එහිදී, නිවැරදි ක්‍රමවලට ආහාර ගැනීමට හුරුවීම ප්‍රධාන වෙනවා… බොහෝ අය පුරුදු වී සිටින්නේ ඉතා විශාල ප්‍රමාණයේ ආහාර වේල් තුනක් ලබා ගැනීමටයි.. මෙම පුරුද්ද අතහැර කුසගිනි දැනෙන විට කුඩා ප්‍රමාණයෙන් ආහාර නිතර ලබා ගැනීම යෝග්‍ය වෙනවා… මේ මගින් ආමාශ බිත්තිවලට සිදුවන හානිය අවම වෙනවා.. තව ද අප, පිපාසය දැනෙන විට පමණක් ජලය පානය කිරීමට පුරුදු වී සිටිනවා… නමුත් එසේ නොකර සිරුරට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීමට කටයුතු කළ යුතුයි..

සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටීස් රෝගියකු දිනකට ජලය ලීටර් දෙක තුනක්වත් ටිකෙන් ටික පානය කළ යුතුවෙනවා… එසේම මෝර ගුළි, මෝර තෙල් භාවිතය ද යෝග්‍ය වන අතර අනවශ්‍ය ඖෂධ භාවිතයෙන් වැළකී සුවබර නින්දක් ලබාගැනීම යෝග්‍ය වෙනවා.. මේ නිසාම දිනකට සාමාන්‍යයෙන් පැය 6ක් පමණවත් නින්දක් ලබාගත යුතු වන අතර, මීට අමතරව තෙල් – මිරිස් අධික ආහාර පානයන්ගෙන් හා කෘත්‍රිම ආහාර, පිටි සහිත ආහාර ආදියෙන් දුරස් වී සිටිය යුතුයි… කෑම ගැනීමේදී ආහාර හොඳින් සපා ආහාරයට ගැනීම යෝග්‍ය වෙනවා…

නින්දට පැය තුනකට කලින් ආහාර ගැනීම සිදුකළ යුතුයි… සමබල ආහාර වේලක් ගැනීමට සෑම විටම උත්සාහ කළ යුතු අතර ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගැනීමට වගබලාගත යුතුවෙනවා… දුම්පානය හා මත්පැන් පානයෙන් වැළකී සිටිය යුතු අතර මනස සැහැල්ලුවෙන් තබාගත යුතු වෙනවා… නිසි ලෙස ඖෂධ භාවිතයෙන් පමණක් නොව රෝගයට අදාළ ජීවන චර්යාවන් ඇති කර ගැනීමෙන් මෙම රෝගය සුවකර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති අතර, මේ සඳහා සුදුසු ආහාර ලෙස අලුත් එළවළු, පලතුරු (උෂ්ණාධික පලතුරු හැර) මාළු වර්ග, පලාවර්ග, පරිප්පු, මුංඇට වැනි ධාන්‍ය වර්ග දැක්විය හැකියි…

මෙම රෝගයෙන් වැළකී සිටීම සඳහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ සොයාගැනීම් සහ බෙහෙත් ලෙස හිස් බඩ පොල් වතුර බීම, බත් කැඳ හෝ දියබත් උදෑසන ආහාරයට ගැනීම, අර්තාපල් යුෂ පානය කිරීම (අර්තාපල් දිනකට දෙතුන් සැරයක් ප්‍රධාන ආහාර වේලට පැයකට හෝ පැය භාගයකට ප්‍රථම ගැනීම). ඖෂධීය ගුණැති දාස්පෙතියා මල් තැම්බූ වතුර තේ හැන්ද බැගින් දිනකට දෙවරක් පානය කිරීම, උළු හාල් තේ හැන්දක් උතුරන වතුර කෝප්පයකට දමා විනාඩි දහයක් පමණ තබා එය පෙරා මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර බීමට ගැනීම, හාතාවාරිය, උඳුපියලිය කොළ කැඳ, උඳුපියලිය පවනේ වේළා කුඩුකර තේ හැන්දක් පමණ උතුරන වතුර අඬුකෝප්පයකට දමා තැම්බීමට හැර පානය කිරීම, උදේ සවස කෝමාරිකා පිත්තේ මදය හිස් බඩ ගැනීම, කැහි පිත්තන් කොළ කොටා ඉස්ම ගෙන රාත්‍රියේ අඬුකෝප්පයක් පමණ සකසා උදේ හිස්බඩ ආහාරයට ගැනීම, කරවිල, ලුණුවිල, තම්පලා, ගොටුකොළ, ඉරමුසු, හාතාවාරිය, සව් කැඳ, කොත්තමල්ලි, සූදුරු, මුංඇට, ඉඟිනි ඇට ආදිය කබලෙන් බැද තම්බා වතුර බීම තුළින් දැවිල්ල පිපාසය සංසිඳවයි. උතුරවා සිසිල් කරගත් ජලය නැවුම් මුට්ටිකය දමා වැඩි වශයෙන් පානය කිරීම, බෙලි ගැට තම්බා පානය, බෙලි මද මී පැණි සමග ආහාරයට ගැනීම, බෙලි දිය කර මී පැණි දමා බීම, බෙලි දලු පවනේ වේළා කුඩු සීනි දමා පානය කිරිම, පැණි දොඩම් යුෂ මී පැණි සමග පානය කිරීම, කුරුම්බා, තැඹිලි වතුර මද සමග එකට දමා දවසට දෙවරක් පානය කිරීම, වැටකෙයියා බඩ ඉස්ම දමා කැඳ උයා උදේ හිස්බඩ පානය කිරීම, කීකිරිඳිය යුෂ එළකිරි සමග උදේ සවස පානය කිරීම, නෙල්ලි යුෂ මී පැණි දමා පානය කිරීම, හාතාවාරිය අල, නෙල්ලි සම ප්‍රමාණයට ගෙන තම්බා මී පැණි සමග පානය කිරීම, දිනකට දෙවරක් මී පැණි ආහාරයට ගැනීම, අළු කෙසෙල් අල යුෂ සීනි දමා පානය කිරීම, කරපිංචා කැඳ පානය කිරීම, අළු කෙසෙල් මුව මැල්ලුම දිනපතා ආහාරයට ගැනීම, සැවැන්දරා මුල්, බෙලි මුල්, පත්පාඩගම් සමව ගෙන වේළා කුඩුකර උණු වතුරේ දිය කර උක් හකුරු සමග බීම කරන්නට පුළුවන්..

Previous articleයහළුවන් නිසා දිවි අහිමි වූ රටක් කැළඹූ කටුනේරිය තරුණ ව්‍යාපාරිකයාගේ සිද්ධියේ වෙනස්ම කතාවක් එළියට
Next articleරෑට මුදවාපු කිරි කන්න එපා කියන්නේ ඇයි කියලා දන්නවද ? හේතුව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights