ඇය කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන මේ තාරකාව නමින් නිලූෂි පවන්‍යා..
ඇගේ ජනප්‍රියත්වයත් එක්ක මේ ඇසෙන කතාව සත්‍යක්ද..? අපි ඒ ගැන ඇයගෙන්ම අහන්න හිතුවා.. මොකක්ද මේ නිලූෂි ගැන අහන්න ලැබුණු අලුත්ම ආරංචිය..
මේ දවස්වල ඔබ වඩා ජනප්‍රිය හිරු මෙගා ස්ටාර් වේදිකාව නිසානේ.. නර්තනයත් එක්ක ගෙවන ඔබේ ජීවිතය මොන වගේද..?
නර්තනයට මං පොඩි කාලේ ඉඳලා ආසයි.. ගොඩක් මම මොඩ්ලින්, ඩ්‍රාමා කරපු නිසා ඒකට වෙන්කරන්න පුළුවන් කාලය අඩු වුණා.. හිරු මෙගා ස්ටාර් එක්ක ආයේ දැන් නර්තනය පටන්ගත්තා.. සතුටුයි , මොකද විවිධ ශෛලීන්වල නර්තන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා නේ..
දවසින් දවස මෙගා ස්ටාර් වේදිකාවේ ඉදිරියට යන්න ඔබට අවස්ථාව ලැබිලා තියනවා, මේ ඔබ ඉන්නේ තරගයේ අවසන් අදියරයේ, මොකද හිතෙන්නේ ඒ ගැන..
ඔව් ඉතින් සතුටුයි ඒ ගැන, පටන්ගත්ත දවසේ ඉඳලා ලොකු කාලයක් ගත වුණා.. ඒ වුණාට දැනුනේ නැහැ.. සතුටුයි දැන් අන්තිම හත්දෙනා අතර ඉන්නේ.. ගොඩක් ප්‍රශ්න එක්ක තමයි මේ ගමන ආවේ.. සමහර වෙලාවට මට Rehearsalවලට කාලයක් නෑ ශූටින් යන නිසා Film, teledrama එක්ක.. ඒත් ඉතින් දවසක් හරි Rehearsal කරලා ඊළඟ දවසේ තරගයට ඉදිරිපත් වෙනවා කොහොමහරි..
මේ තරගයේදී ඔබේ Partnerගෙන් ලැබෙන සහය ගැනත් මතක් කරමු නේද..?
ඔව් එයා නරේන්ද්‍ර, ඉතින් එයා මට ගොඩක් Support කරනවා.. මට කලින් හිටිය Partner නැති වුණාට පස්සේ actඑක හදන්න දවසකට කලින් තමයි, මම නරේන්ද්‍රව හොයා ගන්නේ.. Last moment තමයි මං එයාව හොයාගන්නේ.. ඊට කලින් මට හිතුණා මට තරගයෙන් අයින් වෙන්න වෙයි කියලා, Partnerකෙනෙක් නැති නිසා.. කොහොම වුණත් එයා ගොඩක් දක්ෂයි සාම්ප්‍රදායික නර්තනයට,හරි සතුටුයි මට එයාව හම්බවෙච්ච එකට.. මං හිතනවා අපි දෙන්නා එකතු වෙලා හොඳ වැඩ ටිකක් කළා කියලා..
ඔබ ගොඩක් සුරූපී නර්තන ශිල්පිනියක්.. ඒ වගේම නර්තන ශිල්පිනියක්.. ඔබ හිරු මෙගා ස්ටාර් වේදිකාවේ කරපු ගොඩක් ඉදිරිපත්කිරීම් ප්‍රේක්ෂකයා අතරට ගියා නිලූෂි වැඩියෙන්ම කැමති, මොන විදිහේ නර්තන අංගවලින් රසිකයින් අතරට එන්නද..?
විවිධ දේවල් කරන්න මං ආසයි.. ඒත් අපි කරපු නර්තන අංගවලින් සාම්ප්‍රදායික අංගවලට ප්‍රේක්ෂකයින් කැමති වුණා.. මං හිතන්නේ අපේම දේවල් වෙන නිසා වෙන්න ඇති.. Peacock Actඑක, පහතරට සාම්ප්‍රදායික නර්තනයට ගැන අදටත් මිනිස්සු හම්බවුණාම මතක් කරනවා.. ඒකට එයාලා කැමතියි.. මං හිතෙන්නේ සාම්ප්‍රදායත් එක්ක තියන දේවල් නිසා වෙන්න ඇති ඒ.. ඒත් මම හැම ශෛලියකටම ගොඩක් ආසයි.. සමහර දේවල් මට බැරි වුණත් මං කරන්න ට්‍රයි කරලා තියනවා මේ තරගය ඇතුලේ..
මෙගා ස්ටාර් වේදිකාව ගැන කතා කළොත් ඔබ ඔබටම අභියෝගයක් වුණ අවස්ථා ඇති..? ඒ වගේ නර්තන අත්දැකීම ගැන කතා කරමු..
ඔව්, ගොඩක් වෙලාවට මම Belly dance එහෙම කරලා නැහැ.. ඒ වගේ සමහර දේවල් මම ට්‍රයි කරලා තියනවා.. සමහර අවස්ථාවල මම අසනීප වුණත්, මම ගොස්පිටල් ඉඳගෙන ඊළඟ දවසේ ඇවිත් මම මගේ actඑක කරලා තියනවා.. ඒ වුණාට මම මොන වෙලාවක වත් ඒක Mention කරලා නැහැ ඒ ගැන.. මගේ ළඟ ඉන්න අය ඒ ගැන දන්නවා.. එහෙම වෙලත් මම නර්තනයේ යෙදිලා තියනවා..
මම මට කරන්න පුළුවන් උපරිමය කරලා තියනවා.. මට මතකයි එහෙම දවසක මට මගේ Dance actඑක අමතක වුණා.. විනාඩියක් විතර යනකල්.. මට ඒ වෙලාවේ හිතුනු දේ තමයි මම කළේ.. ඉතින් ඒ වගේ තීරණාත්මක දවසුත් මේ තරගය ඇතුළේ තිබුණා.. ඒක කවුරුත් දන්නේ නෑ.. ඩාන්ස් එක හදපු කෙනා,Partner තමයි ඒ දේවල් දන්නේ.. මගේ ජීවිතයේ එහෙම දෙයක් මට වුණ මුල්ම වතාව තමයි ඒක.. ඊට පස්සේ මම ඒ වෙලාවේ මගේ ඔළුවට ආව දේ..
මේ නර්තන කතාවෙන් ටිකක් බැහැර වුණොත් ඔබ රංගන ශිල්පිනියක්.. නිලූෂි අපි අලුත් නිර්මාණ ගැනත් කතා කරමු..
අලුත් නිර්මාණ ගැන කියනකොට හිරු නාලිකාවෙම අලුත් නිර්මාණය , ඔබ එන්න ඇවිත් යන්න නාට්‍ය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.. ඒත් එක්කම තවත් අලුත් teledrama එකක්ට සම්බන්ධ වුණා.. ඉස්සරහට තවත් ෆිල්ම්, 2කින් දැකගන්න පුළුවන් වේවි.. ඒත් එක්කම අලුතෙන් බංග්ලාදේශ් එක්ක එකතු වෙලා internationally වැඩක් කළා.. තවත් වැඩ කිහිපයකට කතා කරලා තියනවා.. මෙගා ස්ටාර් ඉවරවුණ ගමන් ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
ඔබ මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුනාගන්නේ නිරූපණය පැත්තෙන්.. ඉතින් ඒ පැත්තෙන් මොනවාද වෙන අලුත් වැඩ..
නොවැම්බර් මාසේ නිරූපණයට සම්බන්ධ international competition එකකට මං සමබ්න්ධ වෙනවා.. මෙගා ස්ටාර්වලින් පස්සේ මම ලෑස්ති වෙන්නේ ඒකට.. මොකද ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙනවා.. ලංකාව නියෝජනය කරන නිසා ඒකට මට ගොඩක් මහන්සි වෙන්න වෙනවා.. ඒ පැත්තෙන් ඒකට සූදානම් වෙනවා..
මේ හැම කතාවකටම පස්සේ ඔබේ ජීවිතයේ අලුත් වෙනසක් අපට දැකගන්න ලැබෙන එකක් නැද්ද…? ආදරය , විවාහය ගැන..
ආදරය, විවාහය නම් ඇත්තටම දැනට පොඩ්ඩක් pending.. මට හිතෙනවා ආදරයක් පටන් ගන්නත් අපිට හොඳ කාලයක් තියෙන්න ඕන.. මේ දවස්වල තියන වැඩ අස්සේ ඒ දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ.. Relationship එකක් පටන් ගත්තොත් මානසික නිදහස තමයි අංක එකට තියෙන්න ඕන.. ඇත්තටම ඒක හොඳ දෙයක් හොඳ පාර්නර් කෙනෙක් හම්බවුණොත්, ඒත් අපි දන්නේ නෑනේ හම්බවෙයිද නැද්ද කියලා.. ඉතින් ඊට වඩා හොඳයි මේ හුදකලා ජීවිතේ..
ඒ කියන්නේ මේ හුදකලා ජීවිතය ඔබ තෝරා ගත්තේ තාවකාලිකව නේද..?
ඉස්සරහටත් ෂුවර් කරන්න බෑ ඉතින් අනේ මන්දා..?
ඒ කියන්නේ ඔබේ ලෝකේ අංක එක කලාව..
කලාව වගේම මම දැනට කරන වැඩ.. මං දැන් හිතත්නේ, මං මට අංක එක දෙන්න ඕන කියලා.. කාලයක් තිබුණා මං, මං ගැන වත් හිතන්නේ නැති.. ඒ කාලය මං සම්පූර්ණයෙන්ම අමතක කරලා මං මං ගැන හිතලා දැන් ලස්සනට වැඩ ටික කරගෙන යනවා..
ගෙදරින් නිලූෂිට ඒකට ලැබෙන සහයෝගය මොන වගේද..?
ගොඩක්, ගෙදර අය මට ගොඩක් ඒකට උදව් කරනවා.. විශේෂයෙන්ම මගේ අම්මා.. එයා ඒකට මට ගොඩක් උදව් කරනවා.. ඉතින් මගේ ළඟින්ම ඉන්නේ අම්මා, එයාලා ඉන්න එක හොඳයි.. නැත්නම් මගේ ළඟ කවුරුත්ම නැති වෙනවා නේ.. එයාලාගේ ශක්තිය හම්බවෙන එක මට ගොඩක් වටිනවා..
නිලූෂි මේ දවස්වල මෙන්න මෙහෙමත් කතාවක් ඔබ ගැන අහන්න ලැබෙනවා.. ඔබට කිසියම් ජිවිත තර්ජනයක් තියනවාද..? ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ..?
මම දන්නේ නැහැ, කවුද ඒක කරන්නේ මොන අරමුණෙන්ද කියලා.. කෝල්ස් කිහිපයක්ම ආවා.. අපි බලමු.
ඒ කියන්නේ මේ බොහෝම මෑතකදී ඔබට අත්දකින්න ලැබුණු සිද්ධියක් ද ඒක..
ඔව්, ඊයේ පෙරෙයිද..
ඔබ හිතන්නේ මේ සිද්ධිය ඔබේ ක්ෂේත්‍රය හා සම්බන්ධයි කියලාද..?
හිතාගන්න අමාරුයි ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා.. අපි ඒකට නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නවා.. මං දන්නේ නැහැ ඇයි එහෙම මිනිස්සු කරන්නේ කියලා, මොකද ඒකට හේතුව වෙච්ච සිද්දිය එක්ක මං ඒ ගැන ගොඩක් කල්පනා කරනවා…
කවුරු කළාද, මොන අරමුණකින් කළාද කියන එක හිතාගන්න බැහැ.. මොකද සමහර වෙලාවට, අපි ළඟින්ම ඉන්න මිනිස්සු ඒක කරනවා වෙන්නත් පුළුවන්.. ඒ කියන්නේ කාවවත් විශ්වාස කරන්න බැහැ නේ.. ඒ නිසා මේ ගැන තවම හිතාගන්න බැරුව ඉන්නවා..












