Home දේශිය පුවත් ඇය කළේ නීති විරෝධී ක්‍රියාවක්ද..? වසර ගණනකට පසු ශ්‍රී ලංකන් නිල ඇඳුමෙන්...

ඇය කළේ නීති විරෝධී ක්‍රියාවක්ද..? වසර ගණනකට පසු ශ්‍රී ලංකන් නිල ඇඳුමෙන් සැරසුණු අප්සාරිට චෝදනාවක්..

0
39

 

ඇය නමින් අප්සාරි සිංහබාහු තිලකරත්න.. මේ කියන්න යන්නේ අප්සාරි ගැන ඇසුණු ටිකක් වෙනස් කතාවක්..

කාලෙකට පස්සේ අප්සාරි පරණ මතක අලුත් කරමින් නැවතත් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවක්ව ඇය කටයුතු කළ ඒ අතීතයට ගිහින් තිබුණා..

ඒ තවත් එක් සම්මුඛ සාකච්ඡාවක් වෙනුවෙන්.. ඒත් මේ වෙද්දී ඒ ගැන ඇසෙන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.. ඇත්තටම ඇය මේ කළ ක්‍රියාව නීති විරෝධීද..?

කොහොම වුණත්, අප්සාරිට මේ චෝදනාව එල්ල වෙන්නේ මේ සම්මුඛ සාකච්ඡාවෙන් පසුවයි.. ඇය තවදුරටත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, සේවය නොකරන අතර එයාර් ලංකා ගුවන් සේවයේ සාරියකින් සැරසී මේ සම්මුඛ සාකච්ඡාවට ඉදිරිපත් වීම ඇයට එල්ල වී ඇති චෝදනාව වුණා..

මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ගුවන් සේවිකාවන් ඇතුළු සියලුම ශ්‍රී ලංකන් සේවකයින් සේවයෙන් ඉවත් වන විට හෝ විශ්‍රාම යන විට ඔවුන්ගේ නිල ඇඳුම් සහ අනෙකුත් ආම්පන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයට භාර දිය යුතු බවයි…

එම නිසා නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකන් නීති උපදෙස් ලබා ගන්නා බව එම නිලධාරියා වැඩිදුරටත් පවසා තිබුණා..

Previous articleවසරක් තුල මේ තරම් රෝගීන් ප්‍රමාණයක්… ඒ රෝගය ගැන ඇසෙන ඇඟ සලිතවෙන කතාවක් මෙන්න
Next articleඒ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පස්සේ තරින්දි හදිස්සියේම විදේශගත වුණේ ඇයි..?
error: Content is protected !!
Verified by MonsterInsights