Home දේශිය පුවත් මේ දවස්වල හොය හොයා රඹුටන් මැංගුස් කන ඔයාට මෙන්න විශේෂ මතක් කිරීමක්..!

මේ දවස්වල හොය හොයා රඹුටන් මැංගුස් කන ඔයාට මෙන්න විශේෂ මතක් කිරීමක්..!

0
79

 

රඹුටන් සහ මැංගුස් ලෙලි තැන තැන දැමීමෙන් වලකින ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒවායෙහි ජලය පිරුණු විට ඩෙංගු මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ දිනවල වෙළදපොළේ රඹුටන් සහ මැංගුස් වැඩි වශයෙන් අලෙවි කිරීමට ඇති බැවින් පාරිභෝගික ජනතාව එම පළතුරු ආහාරයට ගෙන ලෙලි පරිසරයෙහි දමා යෑම සිදු කරනවා.

එබැවින් ඩෙංගු මදුරුවා බෝවීමට පලතුරු ලෙල්ලක් ද ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර මදුරු කීටයන් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185 ක් සහ රාජ්‍ය ආයතන 221 ක් සොයාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගියදා ප්‍රකාශ කළා.

එමෙන්ම, මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසි නවදහසක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

Previous articleලන්ඩන් හොල්ලපු අපේ කෙල්ල. සුද්දියොත් පරාදයි එයාගේ ලස්සනට.. රටම දන්නේ හේෂානි ලන්ඩන් වල හැඩ වූ හැටි..
Next articleකාලෙකට පස්සේ සමාජ මාධ්‍ය කළඹවපු එයා මෙන්න තවත් ලස්සන වෙලා.. රටම ආදරේ කරන පියුමි යලිත් කරළියට
error: Content is protected !!
Verified by MonsterInsights