ඔහු ඇයගේ ලොකුම ශක්තියයි.. ආදරණීය පියෙකු, රටම හඳුනන ගායකයෙකු ලෙස ඇය ඔහුව හඳුනන්නේ කලක පටන්මයි..
ඒත් ඒ ආදරණීය බැඳීමට තිත තබන්න ඉරෝෂිට සිදුවෙන්නේ මීට වසරකට පමණ ඉහතදීයි..
ප්‍රියා සූරියසේන, අපේ රටේ කවුරුත් ආදරය කරන අදටත් නොමැකෙන ගීත ගොන්නක් ලාංකික රසික ලංකික රසික ප්‍රජාවට එක්කළ ඔහු අද අප අතරින් නික්ම ගොසින්..
ඊයේ පැවති සුමති සම්මාන උළෙලේදී කවුරුත් ආදරය කරන මේ දක්ෂ ජනප්‍රිය ගායකයා ගැන ආයෙත් ස්මරණය වුණේ, ගිය වසරේ සුමති සම්මාන රාත්‍රිය ඔහුටම විශේෂ වූ නිසායි.. පියාගේ නික්මයාමෙන් වසරකට පසු ඒ මතකය නැවතත් ඊයේ ඇගේ දියණිය සිහිපත් කරන්නේ තම පියාගේ මතකයද සමඟයි..
එදා ඒ රාත්‍රිය ඔහුට සේම තම පවුලටද සුවිශේෂී වූ මතක යළි අලුත්කරමින් ඉරෝෂි සූරසේන මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කර තිබුණා..
“අද සුමති සම්මාන උළෙල! මටත් ආරාධනා පත්‍රයක් ලැබී තිබුනා. ගිය අවුරුද්දේ මෙයට මම මගේ අප්පච්චි සහ පවුලේ අය සමග සහභාගි වුනේ කොතරම් ආසාවකින්ද. මගේ ජීවිතේ ලොකුම හයිය අද නැතිවෙලා. එදා සමහරු අප්පච්චිව අරගෙන ගියාට අපිට හුඟක් දොස් කීවත් අද ආපසු හැරිලා බලද්දි ගොඩක් සන්තෝස වෙනවා ඒ ගත්ත තීරණය ගැන. සුමති ඔබට නැවතත් තුති!
මගේ අප්පච්චිට නිවන් දොර විවර වේවා..”











