Home දේශිය පුවත් උපන්දිනය දවසේම පුංචි මලක් අකාලයේ මිලින වෙයි. අක්කරපත්තුවෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න

උපන්දිනය දවසේම පුංචි මලක් අකාලයේ මිලින වෙයි. අක්කරපත්තුවෙන් ඇසෙන සංවේදී කතාව මෙන්න

0
68

අද පුංචි ෆායික්ගේ උපන්දිනයයි.. ඒත් වෙනදා වගේ සතුටෙන් විනෝද වෙන්න සෙල්ලම් කරන්න වගේම උපන්දින සාද පවත්වන්න ඔහු ඒ ගෙදර නෑ..

කිසිවෙකුත් නොසිතූ මොහොතක මේ පුංචි මලේ ජීවිතය මිලින වුණේ කොහොමද..? මේ අන්න ඒ ගැන ඇසෙන සංවේදී කතාවයි..

අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී දෙහැවිරිදි ෆායික් අහමඩ් නම් දරුවා පෙරේදා (14) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා..

ඥාතීන් පවසන්නේ අද (16) ෆායික් අහමඩ්ගේ දෙවන උපන්දිනය බවයි..

ඥාතීන් විසින් දරුවා වතුර මත පාවෙමින් සිටියදී සොයාගෙන ඇති අතර, දරුවාව වහාම අක්කරපත්තුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතත්, අනතුරුව දරුවා මියගොස් තිබෙනවා..

මීරා ඕඩෙයි ඇළට වැටී පසුගිය ජනවාරි මාසයේදී ද 6 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වන අතර, වසර කිහිපයකට පෙර ෆායික්ගේ ඥාති සහෝදරයෙකු ද මෙම ඇළට වැටී මියගොස් ඇති බවයි ඥාතීන් පවසන්නේ..

මෙම මරණවලින් පීඩාවට පත් ජනතාව ඊයේ (15) සවස විරෝධතාවයක නිරත වුණා..

ඔවුන් “මීරා ඕඩෙයි ජලාශය වටා ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් ඉදිකළ යුතුයි” යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතා පැවැත්වුණා..

මෙම විරෝධතාවයට එම ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා..

Previous articleසෙල්ලම් කර කර සිටියදී නාගයෙකු දෂ්ඨ කිරීමෙන් පුංචි මලකට අත් වූ සංවේදී ඉරණම.
Next articleරටක් ආදරේ කරන කුමාරසිරි පතිරණගේ පුංචි මුණුබුරාට නම් එදා සුවිශේෂී දවසක්…
error: Content is protected !!
Verified by MonsterInsights