සිදාර්ත් මල්හෝත්‍රා – කියාරා අද්වානි, මේ යුවල ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරනවා..
ඒ එයාලාගේ සිඟිති දියණිය නිසා කිව්වොත් හරි.. පසුගිය දිනක මව්පිය පදවි ලැබූ මේ දෙදෙනා දැන් සුරතල් දියණියක් එක්ක සතුටෙන් කාලය ගත කරනවා..
ඇය පසුගිය 15වැනිදා, මෙලොව එළිය දුටුවා.. ඒ මුම්බායි හි රෝහලකදීයි..
ඉන්දියානු මාධ්‍ය මේ ගැන බොහෝ සෙයින් වාර්තා කළත්, තවමත් ඒ සිඟිති දියණියගේ ඡායාරූපයක් ඔවුන් මාධ්‍ය වෙත මුදා හැර නැහැ.












